Monday, September 9, 2013

The love once I had-----------------

Memories have no meaning at present other than the lessons...but still when all the whitey clouds go around in the light sky ;and when tiny rain kiss the earth and that sound;and when I look at the sea and the silence in that big roaring; all makes me remind of you..... Then again I close my eyes and feel a minute that I have you inside me flowing in vanes.... The love I had once; Now you are gone and in heaven ; Only Dream of you and that dream makes each morning a strange, because I wake up from heaven to earth without you!!!!!!!!!!!!!!!!!!!!

All these moments I look away and turn my head to the busy roads reminding my self that I have to go ahead...................................................
----The love once I had.


http://www.youtube.com/watch?v=GzzN7vF0u7s&list=FLDUTwIygkhXODvnTx9dRpCg

Friday, June 7, 2013

ඇය.........



නුඹෙන් විඳි නුඹේ සිනහව
නුඹෙන් විඳි නුඹේ හැගුම්
නුඹත් නොදන්නා
අපිත් නොදන්නා
ප්‍රේමය
රැගෙන ගිහින්......

Monday, April 8, 2013

බිදුවක් තුරුලට ගනු මැන....


නුඹ හා සිනාසෙන දොඩනා
ඔවුන් මිනිසුන්ය...
මුහුණක් සෙවු මා 
ඊර්ෂ්‍යාවෙ ගැබිණියය...


නුඹේ සතුට ද 
නුඹට අපුල ගන්වන 
ඊර්ෂ්‍යාවේ පැමිණිලිය....
මෝහයේ තද අදුර
ගලන්නේ මා තුළය....


ඉදින් ප්‍රේමය
ඉවස ඉවසා හිදින්නේ
හඩන්නේ ඉවසන්න බැරි තැනය...
නුඹ දමා යන්නට නොහැකි තැනකය...

[ මගේ පපු කුහරය ඇතුලෙන් මට නැවතත් දැනෙන විනාශකාරී හිස්බව පුරවාලිය හැක්කේ මගේ සිරුර මත තෙරපෙන ඔබේ සිරුරේ උණුහුමින් පමණයි... - ලෙටර් ටු ඩී- ප්‍රේමය පසසනු වස් 
]




Saturday, March 23, 2013

කවියෙකුගේ නවාතැන...




කලකට පෙර සුදු වෙන්නැති
කහපාටැති බිත්ති පුරා
වියලි ගිය කොළ කැබිලිති 
දරන් හිටියා
ඔහුගේ හදවත
කලු අකුරෙන් පේලි පේලි.....
මං එබුනම 
උලුවස්සෙන්
කවි සේරම 
එකම සැණින්
ඇහුවා මුරපදය මගෙන්
කවුදෑ මේ අලුත් එකී.....
උඩ යට බැලුවාම මමත්
එල්ලීගෙන ඔහුගේ අතේ
දැනුණා ඒ සුවද මටත් 
මං අකමැති 
ඒත් කැමති....
කට ගත්ත සැණින් කිව්වා මං
දුම්රොටු...
කවි සේරම හිනාවෙලා
ආයුවඩා
බිත්තිවලම නිදිගත්තා...
ඔහු නිදනා ඇසිල්ලකදි
ඇහැරෙව්වා මං 
එක කවියක්
අහ ගන්නට 
මුර පදේ කතාවත්...
ඔහු සිඹිනා සිගරට්ටුව
ඉගෙන ගෙනලු
මගේ රූපය
ඔහුගේ මතකයෙන්....
දැවී නැගෙන දුම්රොටු
ඇදී ඇදී ගොසින් අඳිමින්
මතකේ සිටින මගේ රූපේ
කවි හැමඑක්කටමත්
පෙන්නා තිබුණා....
ඔහුට දුන්නු හාදුවලින්
බාගෙකටත් වැඩියෙන්
කවිසේරටමත් දීලා
මං ආපහු ආවා....



අසරණ පෙම...


හද බිතම පහුරු ගා
ආයෙ ආයෙමත්
කියද්දී
මට ඇවැසි
නුඹමයි කියා...
අසරණ ප්‍රේමය
ගිනිඅරන්
වියලි දෙතොල්
මුසපත් කලා...
දරදඩු දෑතට මැදිවී
ඉන්නට හිතුවත්
මියෙන තුරා
රැයකට පසු
උදයක් එනවා
අපි අපේ නොවේ කියා...

Friday, March 22, 2013


කෙල්ලෙක්ව මලක් වගේ හදන්නේ ඇයි
බඹරුන්ට විෂ දල දෙනවනම්...
ඔහේ ඉන්න ඉඩ අරින්නේ ඇයි
ආදරේ ළගට ඕනේ නම්...

Wednesday, February 27, 2013

පමා වීම....


මග බලා සිටි තෙදිනක් අවසන
කීරි ගැහුණ හිත 
වත්තම් කරගෙන
දුවගෙන දුවගෙන ආවත්
සවසක

   මං
පමා වෙලා තිබුණා...

   නුඹෙ හිත
හඩා වැටී තිබුණා....

ඉතිං ස්තුති එපා
කල්පයක් යනතුරු

   මට
හඩාවැටෙන්නට හිතුණා...


Friday, February 22, 2013

දේදුනු යට වැහිබිංදු අමතකයි..... සිපගන්න 2


 හිත පිරෙන්න ආදරේ කරන්න අසුන්... එක හිතකින්... එක තැනක නැවතිලා...හිත රිද්දන්න නෙවෙයි...හිත සැනසෙන්න ආදරේ කරන්න...

ගැහැණියෙක්ගේ පරාසය පුලුල්..පිරිමියෙක්ට ඒ පරාසයේ කිමිදෙන්න අමාරුයි කියලා ඔයාම නේද කිව්වේ....
එහෙම කියලා ඒ පරාසය පුරවන්න ටිකක්වත් උත්සහයක් ගන්නේ නැහැ නේද ඔයා...

ගැහැණු පැතිරෙනවා... ගැහැණු වෙනස්වෙනවා.. හුළග වගේ හැමතැනම පීරනවා... මල් වගේ හැමවෙලේම සැලෙනවා... එත් ඒ හැම දෙයක්ම අහස පොළව වගේ ගැඹුරකින් ඉවසන්න ඔයාට අහසක් පොළවක් මහ සයුරක් වෙන්න බැරිද අසුන් ?

මම ඔයාව දන්නේ නැහැ..ඒ නිසා ප්‍රශ්න අහනවා..ඉතිං ඔයාට ඒ ප්‍රශ්න වලට කෙන්ති යන්නේ ඇයි... මාව පරවුණු මලක් වගේ කඩලා විසී කරන්නේ ඇයි...
ඔයාටත් දුක හිතෙනවා ඇති..ඉතිං ඇයි ඇස් අග මතුවෙන කදුලක් ඇගිල්ලෙන් පිහදානවා වගේ මාව අයින් කරන්නේ... ඇයි ඒ කදුලට ඔයාගේ කොපුල් දිගේ වේලෙන්න ඇරලා හැමදේම විසදන්න බැරි...

ආදරේ කියන්නේ සංකල්පයක් කියන එකට මං විරුද්ධයි.. ආදරේ කියන්නේ කරන්න ඕන දෙයක් අසුන්...




Tuesday, February 12, 2013

තුරු...




හැර ගියාම සුවද මලුත්
පෙම් අතුවල නටුව අගින්
අවකාශය පීරා ගොස්
තිරස් පිටක ආගන්තුක
වැව් ඉවරක
ඇතිරී වැටී
සුසුම් පොදක සලිත වෙවී....

දුක දකිනා තුරුපත් කුපිතව සිලි සිලි ගා
නටු හා ගැටෙමින්...
කම්පිත නටුව කහ වී
ටික දිනකින් මල මල මතටම
ගිලිහී ගොස්....
තුරු පාමුල
සමරයි අවසානය මියැදිදී...

එකග නැතිව තුරු හා පත්
යහලු මලට නට්ට ගැනම
තුරු හා උද්ඝෝෂණයෙ යෙදී
කාලෙකදී වියලා ගොස්
තුරු පාමුලටම
වැටි වියැකී....
දුර්වල නෑ තුරු එහෙමයි
තම කාලය අකුරටමයි
තව තව මල් නටු හා පත්
සමගින් කාලය හා ගමනේ යෙදී...

Thursday, January 24, 2013

යශෝධරා...


සිද්ධාර්ථ යන්න ගියා
යශෝධරා
ආයෙත් එන්න ගියත් 
ඒ සිද්ධාර්ථ නෙවේ!
නිල් දෑස් අගින් කදුලු වැටුණෙ
නුඹෙ විතරක් නෙවේ!
බුදු නොවෙන සිද්ධාර්ථලා
යන්න යනවා 
හැමදාම...

හිරිවැටිලා කොයිතරම් කාලයක්
උන්නද යශෝධරා?
හිරිවැටිලා කොයිතරම් කාලයක්
අපි ඉන්නද යශෝධරා?

විසල් මාළිගාව පුරා
මතක අරන්
කොයිතරම් ඔහේ ඇවිද්දද
යශෝධරා...
පියා විදා පියාඹන්න
තටු තිබුනට
ඔහේ ඇරෙන්න
සිද්ධාර්ථ කරා පියාඹන්න

අපට බෑ නේද යශෝධරා....




Saturday, January 12, 2013

දේදුනු යට වැහිබිංදු අමතකයි..... සිපගන්න 1

තරු එකින් එක කඩාගෙන වැටෙද්දි ආසාවෙන් බලාගෙන හිටියා..ඒ තරු වේදනාවෙන් පිච්චිලා ගෙනෙන වර්ණ පෙනුණෙ අපූර්ව දෙයක් වගේ.....

ආදරය... 

නොලැබෙන තැන්වලම ආදරය හෙව්වේ ඇයිද මන්දා....

නංගී....මෙන්න අසුන් කතා කරනවා.
එයාට නිවාඩුවක් පාඩුවක් ලැබුණම කෝල් කරනවා..සමහර දවස්වලට වැඩ නිසා අමතක කියලත් කියනවා..සමහර දවස්වලට කතා කරන්න උවමනාවක් ආවේ නැහැ කියලත් කියනවා...මට ආදරෙයි කියලත් කියනවා... එක වෙලාවකදි එක්කෙනෙකුට විතරක් නෙවෙයි ආදරේ කරන්න පුලුවන් කියලත් කියනවා..හුගක් දේවල් කියනවා...


මේ පත්තු වෙන්නේ පපුවේ ගින්දර.....අකුරු මත දුවන්නේ පපුවේ ගින්දර....
 අපේ අක්කා නම් කියන්නේ..ආදරේ විකාරයක් කියලා... ආදරේට වෛර කරන් සෙක්ස් කරන් ඉන්න කොට ශරීරය ජීවත් කරවන්න පහසුලු ....ඒ කියන්නේ ආදරේ කියන හැගීම්බර මායාව අහක දැම්මම.....



ජීවත් වෙන්න අපහසු ආදරය නිසාමද.....

ආදරය නොලැබෙන නිසාද...




Wednesday, January 2, 2013

නෙවෙයි!!!

අපි ඇත්තටම ආදරේ කරනවා නම් මොන කරදරේ ආවත් අපි දුවන්නේ ඒ ආදරය හොයාගෙන.... ඒ ආදරේ කරන කෙනා ළගට... ඒ ආදරේ ඇතුලේ ගුලිවෙන්න... සියක් දහස් වේදනාවන් මුදාහරින්න....ඒ වගේම ඒ ආදරේ කරන කෙනා ළග ගෙනෙන කරදරය දරාගන්න තරම් විභවයක් තියෙන්න වෙනවා... මේ කාලේ ඒ විභවය හුගක් සාධක මත තීරණය වෙනවා.. එයාගේ දක්ෂතාවයන්. දැනුම..එයා සතු ධනය.. සමාජ පසුබිම වගේ දේවල්... මේවා නැති අය මේ කාලේ පැරදුණු මිනිස්සු වෙලා...මේවා නැති අයට ආදරේ කර කර ඉන්නවට වඩා අඩ අඩ ඉන්න සිද්ධ වෙලා තියෙනවා.... අතරින් පතර වාසනාවන්තයෝ ඉන්නත් පුලුවන්....වෙනස් විදියට හිතන මිනිස්සු.

ඒ වුණාට භයානකම දේ තමයි.. අපිට ආදරේ හමුවුණා කියලා හිතලා අපි අපේම මායාවක දැවටෙන එක... මායාවෙන් ටික ටික අවදි වෙන කොට අපි අඩන්න පටන් අරන්... වැඩ අතපසු කරන්න පටන් අරන්....පටන් ගැනුමෙදි අපේම ආදරයක් හදාගෙන අපි ඒකට පොහොර දානවා... ඒත් දෙන ආදරේට ආපස්සට නොලැබෙන කොට අපේ ආදරේ අපිවම ප්‍රශ්න කරන්න ගන්නවා.....


ඇත්තම ආදරේ මුණගැහුණම මීදුමක් වගේ පැතිරෙන්න හිතෙනවා..... හුළගක් වගේ දගලන්න හිතෙනවා.... සමහර වෙලාවට මේ වගෙත් නෙවෙයි ඒක මොනවගේද කියලා කියන්නත් අමාරුයි..දැනිලා තියෙන අය දන්නවා ඇති..


ඔයාව නපුරු මොහොතක් ඇවිත් මගෙන් ඈත් කරන කම් ඔයා ගැනත් මට එහෙම දැනිලා තිබුණා... මම ඒක එහෙම විදිමින් හිටියා...... 



අපි හිතනවා නැතිවුණු හැමදෙයක්ම සදහටම අපේ වෙලා තියෙන්න ඉඩ තිබුණා කියලා.




Loving someoneis like caring for a garden, love it too much 


or too little and it dies