Friday, February 22, 2013

දේදුනු යට වැහිබිංදු අමතකයි..... සිපගන්න 2


 හිත පිරෙන්න ආදරේ කරන්න අසුන්... එක හිතකින්... එක තැනක නැවතිලා...හිත රිද්දන්න නෙවෙයි...හිත සැනසෙන්න ආදරේ කරන්න...

ගැහැණියෙක්ගේ පරාසය පුලුල්..පිරිමියෙක්ට ඒ පරාසයේ කිමිදෙන්න අමාරුයි කියලා ඔයාම නේද කිව්වේ....
එහෙම කියලා ඒ පරාසය පුරවන්න ටිකක්වත් උත්සහයක් ගන්නේ නැහැ නේද ඔයා...

ගැහැණු පැතිරෙනවා... ගැහැණු වෙනස්වෙනවා.. හුළග වගේ හැමතැනම පීරනවා... මල් වගේ හැමවෙලේම සැලෙනවා... එත් ඒ හැම දෙයක්ම අහස පොළව වගේ ගැඹුරකින් ඉවසන්න ඔයාට අහසක් පොළවක් මහ සයුරක් වෙන්න බැරිද අසුන් ?

මම ඔයාව දන්නේ නැහැ..ඒ නිසා ප්‍රශ්න අහනවා..ඉතිං ඔයාට ඒ ප්‍රශ්න වලට කෙන්ති යන්නේ ඇයි... මාව පරවුණු මලක් වගේ කඩලා විසී කරන්නේ ඇයි...
ඔයාටත් දුක හිතෙනවා ඇති..ඉතිං ඇයි ඇස් අග මතුවෙන කදුලක් ඇගිල්ලෙන් පිහදානවා වගේ මාව අයින් කරන්නේ... ඇයි ඒ කදුලට ඔයාගේ කොපුල් දිගේ වේලෙන්න ඇරලා හැමදේම විසදන්න බැරි...

ආදරේ කියන්නේ සංකල්පයක් කියන එකට මං විරුද්ධයි.. ආදරේ කියන්නේ කරන්න ඕන දෙයක් අසුන්...




No comments:

Post a Comment