දේදුනු යට වැහිබිංදු අමතකයි..... සිපගන්න 5

කවමකවදාවත් හිතන්නේ නැති කවමකවදාවත් පැතුවෙවත් නැති ජීවිතයක් හිමිවෙනකොට පුදුම වෙලා හැමදාම මං බලාගෙන හිටියා...
අසුන් ඔයා හරියට ධූමකේතුවක් වගේ අහසින් මගේ හිත ඇතුලට කඩා වැදුනේ... ඔයාගේ අපූර්ව වර්ණ සංකලන දිහා දීප්තියෙන් අන්ධ වුණු දෑසින් මං බලාගෙන හිටියා.ඊටත් වඩා ඔයාගේ උණුහුමේ ආශිර්වාදයෙන් හිතේ හැම අහුමුල්ලකම සිතිවිලි පීදෙන්න පටන් ගත්තා..

ඒත් දැන් ඔයා ටිකෙන් ටික මියැදෙන්න පටන් අරන්.අළු ධූලි මගේ නහරවල හැල්මේ දුවපු ආදරයේ පැටලිලා කපාට හිර කරන්න පටන් අරන්...
හැමදාමත් වෙනවා වගේ ඒ අතීතය ආයෙ ආයෙමත් මතකයේ බොදවෙමින් පණඅදින්න පටන් අරන්.මිය යමින් පවතින හැමදෙයක්ම මිය යාවි දවසක.ඔයා වගේ! අපි වගේ!කොන්දේසි ගොඩාක් අරන් ඔයා ඇයි මාව හොයාගෙන ආවේ.මගේ ළග එකම එක කොන්දේසියක් වත් තිබුණේ නෑ.ඔයා අරන් ආව කොන්දේසි හරි බරයි අසුන්........... ඇයි මාවම හොයාගෙන ආවේ...............මං හෙම්බත් වෙලා හිටියේ...හද එළිය වැටුණු පාරවල් දිගේ ප්‍රේමණීය සද හොයන්න ගිහින් මං අතරමං වෙලයි හිටියේ... 

ඈත ඉදන් කඩා වැටිලා තැන තැන පාට පාටින් පීදුණ මල් උයනක් ඔයා....උයනකට එක සමනළියකට අයිතියක් කියන්න බෑ නේද අසුන්. කවුද ඒකට වග කියන්න ඕන.කවුද ඒකට වැරදි.සමනළියෝ එක්ක පියාඹලා මගේ තටු ඉරිලා. ඔයාගේ වර්ණිත ප්‍රේමයේ දීප්තිය එක එක සමනළ තටුවලට බෙදලා දුන්නම හීන වෙලා යනවා අසුන්.... එතකොට කිසිම සමනළියක් සතුටින් නෙවෙයි අසුන්...

ඔය ඉතිං දැන් මම මෙහෙම කිව්වා කියලා කුණාටුවක් වගේ හැමදේම අරන් ඔයා යන්නද හදන්නේ....



No comments:

Post a Comment