දේදුනු යට වැහිබිංදු අමතකයි..... සිපගන්න 4


නිශාචර අහස ස එළිය අයිති කරගෙන.... ඒ ගැන මට තියෙන්නේ හරිම හිස් හැඟීමක්..ඒක තේරුම් ගන්න තරම් දෙයක් නෙවේ මට...මීදුම  අතරින් ඔයා දිලිසෙනවා...හරිම ලස්සනට..හරිම කඩවසම් විදියට....

පහුරු ගෑවුණ හිතක් සුව කරවන්න හැකිද ඒ දිලිසෙන සුමුදු ආලෝකයකට....දන්නේ නෑ..ඒකට කාලයක් යාවි අසුන්!! ආදරෙයි කිව්වට වැඩක් නැහැනේ ඒ ආදරේ දැනෙන් නැතිකොට...
ආයෙ ආයෙමත් එකම කතාව.ඔයා මට චෝදනා කරනවා. යාලුවෝ මට චෝදනා කරනවා.

දුක හංගගෙනවත් හිනාවෙන්න බැරිතරම් දුර්වලයි මම දැන්. හිනා වුණ දවසක් මතක නැහැ මට. මං ආසයි හිනාවෙන්න...මං දන්නවා ඔයත් ආසයි හිනාවෙන්න...ඔයා හිනාවෙද්දි මතුවෙන්නේ හිනාව නෙවෙයි..ඔයාගේ හිතේ තියෙන දුක..ඒක දකිද්දි මාව හිරිවැටෙනවා..ඔයාගේ හිනාව උදුරගන්න මමත් වැරදිකාරියක්!


ඒත් මට මතක් වෙන්නේ ඔයා මාව තුරුලු කරගෙන මුලින්ම ආදරෙයි කියපු හැටි..ඒ උණුහුම! ඒ උණුසුම් සුසුමේ තිබුණු සෙනෙහස! ඒ සුසුම් මගේ කම්මුල් පුරා පැතිරුණු හැටි...මං ඔයාට ආදරේ කරන එක නතර කරන්නේ නෑ....

කාර කිරිල්ලියනේ මේ සවතත් එක්ක මම අසම්මත ප්‍රේමයක! මේ ස අයිතියි හැමෝටම...ඒත්  මම හිතුවක්කාර ප්‍රේමයක! මම දිලෙන්නේ මේ ස එළියෙන්..ඒ සත් ඒ ගැන අමනාපයෙන්...

අසුන්...........................................................................................................................................
මං ආසයි හිනාවෙන්න....................ඒ ඔයත් එක්ක.


 



No comments:

Post a Comment