Tuesday, May 25, 2010

දැන්විම...


නොලද පිළිතුරක්-
කෙටි පණිවිඩකරුවෙක්-
‍භූගත වීමක්.

Friday, May 14, 2010

රැයක් සඳින් ගැබ්බරව ....



















සරා සඳ කිරණ         සඵඋනා
වන තුරු ඉරා            අලුඋනා‍‍
නල සිප මීදුම්           හැංගුනා
මග අසා පිණි           දැවටුනා

දියේ තරු තඹර        ඉහිරලා
ඔහේ පාවී වලා          දඟකලා
සිත් ලැහැබෙ සිහිල   තවරලා
තනි රැක්ක ඉවුර        තනිකලා

සඳ වතුල රාත්‍රියේ      තත්සලා
වසත් මල් මල්වරව   අතුරලා
නිකසලා මිහිරියාවේ   පුසුඹලා
කිති කැවී වස්දඬුද       මත්වෙලා

රැය පහන් ඕවිල්ල     ගැබ්බරයි
ධාර අතු අගිස්ස        පෙම්බරයි
මේ අලුයම් හීන අබි   නික්මනයි
සෙනේ අරුණඵ අරන් හිරුපිපෙයි

Wednesday, May 12, 2010

මට පාලුයි..එච්චරමයි අම්මේ!

හඬන හදක් නෙතින්
සිනාසෙනු දැක
සැලුනි කඳුලක්
අහිංසක විරීය දැක....


වෙද නලාව සීතලයි
මටත් දැනුණා..
ඒ සීතට හිරිවැටුණා
මං බය නෑ අම්මේ..
ඉතිං නුඹ නාඬන්.



මට පාලුයි..එච්චරමයි අම්මේ!

Friday, May 7, 2010

පරඩලා හිත්...

ගසත් හල
පිණිත් නොවෑස්සෙන
සිතිවිලි නූනන


පරඩලා හිත
දලුලා නැගෙන
නැවුම් හිත්
පිණිසලා‍‍
සිහිල ගෙ‍නෙන විට


අමතකයට වැටේවි..


සොරාගත් විශ්වාසය...

සොරාගන්න සියලුම ‍‍
භෞතිකයන්
නොතැවෙමි!


නමුත් තැවෙමි
‍ගෙන්දගම් පොළවමත
අමාරුවෙන් දලු ලෑ


"විශ්වාසය"
ආයෙමත් පැහැරගෙන නිසා.....