Monday, February 1, 2016

ජීවිතයට වචන මදි

ලියන්නට අතපසුවු දිනවල
බොහෝ දේ බොහෝ අය
ලියා තිබුණි

මග හැරුණු ජීවිතය
මග හැරුණු ලිවීම
අතරතුර ගෙවී යයි
ඒ ජීවිතයම

ලියා ගත නොහුණු
කියා ගත නොහුණු
අත්දැකීම් වපුරා ගෙවෙයි
ඒ ජීවිතය

දවසක ලියමි
නිදහසේ වැලලී හෝ........
මා දුටු සියල්ල
මා ඇසූ සියල්ල..........අහෝ....