“අසුන්..ඔයා මට ආදරෙයි නේද“
මම බොහෝ කාර්ය බහුලව ලෙස ඔහුට ප්‍රේම කරමින් උන්නෙමි.ඔහුගේ කෑම බීමද බේත් හේත්ද ඇදුම් පැළදුම් ද මා අතින්ම පිළියෙළ වන්නට විය. එවන් විටෙක මට මාද අමතකව ගොස් තිබූ අවස්ථා බොහෝය.මට මා මතක් වූ අවස්ථා වලදී මා අසුන් වෙනුවෙන් ක්‍රියාත්මක වූවා හැරෙන්න ඔහු මට ප්‍රේම කලා ද යන්න පසක් නොවූ අවස්ථාවලදී මෙම ප්‍රශ්නය ඔහුගෙන් ඇසීම පුරුද්දක් කොට ගත්තෙමි.බොහෝ විටෙක මෙම ප්‍රශ්නය අභිමුවේ මගහැර යන ඔහු තවත් විටෙක නැවතත් එම ප්‍රශ්නය අසන්නට ඉඩක් තියයි... එවිට කාල අහසේ වළා දහසක් පා වෙන්නට ඉඩ හැර නැවතත් ඔහුගෙන් එම ප්‍රශ්නයම විමසමි.
“ඔව් මං ඔයාට ආදරෙයි!!! ඔයාව එක මිටකට අරන් ගුලිකරලා මේ හිත අස්සේ හංගං ඉන්නේ බලන්න ඕනද“
මම හඩනගා සිනාසෙමි.මේ හොදටම ඇතිය.. තවත් ප්‍රශ්න කිරීම් අවශ්‍ය නැත.
නමුත් විටෙක,
“සස්යා මොනවද මේ අහන ප්‍රශ්න... දැන් ඔයාට මොනවද දැනගන්න ඕන“
මා ඉදිරියේ ගිගුරුම් දෙන ඔහුගේ ධාරාණිපාත ප්‍රේමයෙන් සිත පුරා අවුලන කුණාටුව ඉවසන්නට මම තදින් දෑස් පියා ගනිමි.දෑස් මත නැගෙන කළුවර සේම විටෙක ඔබ අපහැදිලිය.ඔබ අපේ ප්‍රේමය අඩමානයට ගෙන එන ජීවිතයේ හිස් තැන වඩන හිතුවක්කාර ප්‍රේමයය...
“සස්යා අද හවස බීච් එකට එන්න“
මල්වලට නටු අගින් නිදහස ලැබුණෙ නම් නිසැකවම ඔහුගේ හමුවීම පතා පිපී ඇති සියලු මල් පියාසලනු ඇත.
No comments:
Post a Comment