Monday, April 8, 2013

බිදුවක් තුරුලට ගනු මැන....


නුඹ හා සිනාසෙන දොඩනා
ඔවුන් මිනිසුන්ය...
මුහුණක් සෙවු මා 
ඊර්ෂ්‍යාවෙ ගැබිණියය...


නුඹේ සතුට ද 
නුඹට අපුල ගන්වන 
ඊර්ෂ්‍යාවේ පැමිණිලිය....
මෝහයේ තද අදුර
ගලන්නේ මා තුළය....


ඉදින් ප්‍රේමය
ඉවස ඉවසා හිදින්නේ
හඩන්නේ ඉවසන්න බැරි තැනය...
නුඹ දමා යන්නට නොහැකි තැනකය...

[ මගේ පපු කුහරය ඇතුලෙන් මට නැවතත් දැනෙන විනාශකාරී හිස්බව පුරවාලිය හැක්කේ මගේ සිරුර මත තෙරපෙන ඔබේ සිරුරේ උණුහුමින් පමණයි... - ලෙටර් ටු ඩී- ප්‍රේමය පසසනු වස් 
]




2 comments:

  1. යනෙන තැන මරුවැල්ය
    ආදරේ ගිනිදැල්ය
    ජීවිතය නැතිකල්ය
    දැනෙන්නේ තනිකම්ය

    සිත් අහස ගැබ්බරද
    අත් පසුර හිස්වුනිද
    නෙතු කැල්මේ කඳුලැල්ද
    ප්‍රේමය ම මියගොස් ද?

    අවට ලොව නොම සිතන්
    අතීතය අත හරින්
    ප්‍රේමයේ සුභ දකින්
    ජීවිතය කියවපන්..!

    ReplyDelete
  2. ජී...වි....ත...ය....හ්ම්....
    ස්තූතියි බෙදාගත්තට.... !!!

    ReplyDelete