Wednesday, March 31, 2010

ඉපදුනේ නුඹට නෙවෙයිද?



වළාකුළක
එතිලා ඇවිත්
නුඹෙ හදින්
සුභ පැතුමක්
දැවටෙනකම්
මගේ සතුටේ...
බලා හිටියා
උදේ ඉදන්...


තලබනුවත්
අතට අරන්
හිත හිතා
ටිකක් ඉදන්
ඇමතීමක්
දුන්නා මන්...
නැහැ නුඹට මතක
කොහෙත්ම නං....
මතක් කලත්
නැහැ විශේෂයක්


නිල් පාටට
තිබුණු අහස
කලු පාටට බරවී ...


හදිසියේම
ඒ අතරේ
සුභ පැතුමක්
නොවීම
විසන්ධි විය
අවසානම
උත්සහයත්...


එයාගේ බැටරි ලෝ..
කීක්..කීක්..


කදුලු කදුලු කදුලු
රූට රූට රූට
වැටුණා බිමට...


ආරෝපණය
කරල ඇතිද..
උත්සහයක්
ගනිමුද ආයිත්
තලබනුවට...
හිතලා හිතලා හිතලා
නින්ද නින්ද නින්ද
ගිහින්...


බිම්මලක් පිපුණා වගේ
ඇලුණු ඇස් ඇරුණා
පොප් ගාගෙන උදේ..
ඒත්
හිරවෙලා ඇතුලේ
මොනවදෝ දෙයක්
හරිම බරයි
ආවේ නෑනේ
එළියට...
තවමත් ඒක එහෙම
.............////


ඇදපන් ඇදපන් ඇදපන්...
ගන්න බෑ එළියට
ඇතුලේ
තැන්පත් වෙලා
එහෙම නං හිටපු දෙන්...
හැමදාම පොප් ගායි


කදුලු කදුලු කදුලු...///

3 comments:

  1. හෙළ හවුලත් අපුරු වචන එකතුකරපු පිරිසක්.. එයාලග වචන කවියක දැක්කමයි එ යුගයෙන් පස්සෙ.. කවිය මොහොත සිතෙ සිත්තම් කරනවා. හරිම ලස්සන සිදුවිමක් හිතෙ අඳිනවා.ලස්සනයි. බලාපොරොත්තුව, ඉවසිම ගැබ් කරලා අපුරු පරාසයක වචන එකතු කරලා ලස්සන මුතු මාලයක් හදලා ඔයා ලස්සනයි....

    ReplyDelete
  2. බොහොම බොහොම බොහොම ස්තූතියි!
    ඔයා කියපු සිංහල බ්ලොග් ලින්ක් එක මට මෙතනදි දෙන්න පුලුවන්ද?

    ReplyDelete
  3. http://blogs.sinhalabloggers.com/add-blog
    මෙතනින් පුළුවන් සිංහල බ්ලොග් කියවනයට ඇතුල් කරන්න. හැබැයි යුනිකොඩ් වලින් ලියපුවා විතරයි.

    http://blog.inetlanka.com/blogform.php
    මෙතනින් පුළුවන් ලාංකීය සිතුවිලි සින්ඩිකෙටරයට ඇතුල් කරන්න.

    ඔයාගෙ RSS ලිපිනය ඉල්ලනවා..එච්චරයි...

    ReplyDelete