Friday, April 2, 2010

සමනලියක් වෙන්නම්‍‍.....

නුඹෙ සුවඳ හතර වටින් දැනෙද්දි
නුඹෙ රුවට හතර  කොණ මැවෙද්දි
හතර වරං දෙවියනේ
විසිරිලා ඉවරයි මෙ හිත....
දියවෙලා ඉවරයි ආත්මයම.....

නුඹට වුණු සුසුම් මට ඒපා!
නුඹට වූ හිත නැවත මට ඒපා!
නුඹ නොම දෑසත් මට ඒපා!
හඬත් නෑසෙන දෙසවනත් ඒපා!

පින් කරලා නැති
ආත්මයට මට ඒපා!
සිරිපාද වැද මියෙන
සමනලියක් වෙන්නම්!


2 comments:

  1. සිතුවිලි සිරකර
    ගෙන සිටි දැස් විවරකර
    බලන් ලොව දෙස
    නුවන් යොමුකර

    කවියක් හා සබඳින
    මිතුරු කැල සමගින
    අත්වැල් අල්ලගෙන
    යන මග මල් පිබිදෙන

    ReplyDelete
  2. කරුණාවයි ! කරුණාවයි !
    සිරිපා කරුණාවයි !

    ReplyDelete