Tuesday, June 22, 2010

ලිහිණියනේ...

නිමේෂයක් නිමේෂයක මගහැර..

උදේ හවා පාරෙදි මුණ ගැසෙන සාමාන්‍ය උණ වැළඳී මිය ගිය‍ බෝඩිමක සොයුරියක් වෙනුවෙන්.....


නු‍‍‍ඹේ ඇඳුමට වඩා සුදු
වළාකුළු ඉරා
වැටෙන වැහිබිංඳු
ඇදගෙන යයි මහ පොළව
බෝ‍ඩිමේ පඩියට යටින්....

නු‍ඹේ කුස මහැර
වැළඳු රසබොජුන්
පැළඳු පිනි බිංදු
නැරඹූ පිය දසුන්
ඉකිගසයි
දෑස් පියාපත් අඩකුණු කරවමින්...

නුඹේ හිනහව වගේම සුදු
කොඩිය සැලි සැලී
නගන ගිගුම්
කණින් කණ හකුලයි




Tuesday, May 25, 2010

දැන්විම...


නොලද පිළිතුරක්-
කෙටි පණිවිඩකරුවෙක්-
‍භූගත වීමක්.

Friday, May 14, 2010

රැයක් සඳින් ගැබ්බරව ....



















සරා සඳ කිරණ         සඵඋනා
වන තුරු ඉරා            අලුඋනා‍‍
නල සිප මීදුම්           හැංගුනා
මග අසා පිණි           දැවටුනා

දියේ තරු තඹර        ඉහිරලා
ඔහේ පාවී වලා          දඟකලා
සිත් ලැහැබෙ සිහිල   තවරලා
තනි රැක්ක ඉවුර        තනිකලා

සඳ වතුල රාත්‍රියේ      තත්සලා
වසත් මල් මල්වරව   අතුරලා
නිකසලා මිහිරියාවේ   පුසුඹලා
කිති කැවී වස්දඬුද       මත්වෙලා

රැය පහන් ඕවිල්ල     ගැබ්බරයි
ධාර අතු අගිස්ස        පෙම්බරයි
මේ අලුයම් හීන අබි   නික්මනයි
සෙනේ අරුණඵ අරන් හිරුපිපෙයි

Wednesday, May 12, 2010

මට පාලුයි..එච්චරමයි අම්මේ!

හඬන හදක් නෙතින්
සිනාසෙනු දැක
සැලුනි කඳුලක්
අහිංසක විරීය දැක....


වෙද නලාව සීතලයි
මටත් දැනුණා..
ඒ සීතට හිරිවැටුණා
මං බය නෑ අම්මේ..
ඉතිං නුඹ නාඬන්.



මට පාලුයි..එච්චරමයි අම්මේ!

Friday, May 7, 2010

පරඩලා හිත්...

ගසත් හල
පිණිත් නොවෑස්සෙන
සිතිවිලි නූනන


පරඩලා හිත
දලුලා නැගෙන
නැවුම් හිත්
පිණිසලා‍‍
සිහිල ගෙ‍නෙන විට


අමතකයට වැටේවි..


සොරාගත් විශ්වාසය...

සොරාගන්න සියලුම ‍‍
භෞතිකයන්
නොතැවෙමි!


නමුත් තැවෙමි
‍ගෙන්දගම් පොළවමත
අමාරුවෙන් දලු ලෑ


"විශ්වාසය"
ආයෙමත් පැහැරගෙන නිසා.....

Friday, April 23, 2010

මං දකින .....


මං දකින ලෝකය....
කළු පාටට ඉරි ඇගෙන
ඒ උඩ එහෙට මෙහෙට දුවන්නේ...
නිල් ඕසෝන් සුදු කාබන්ලා
බෙදා වෙන්කරගන්නේ..
ඒ ඉරි ටිකකින් මැකෙන්නේ...
කොළ පාටම ඇඳන් හරිත කැලෑ
කාන්තාර මුඩු බිම් එහෙමත් නැති
තැන්වලත් සද්ද නොදාත්
මරාගන්නේ මරාදමන්නේ....

තටු ගගහා ගින්නට පැනලා
ඒකෙම වෙලිලා පිච්චෙන්නේ....
ක්රෑස් හඬිනුත් හඬක් නැතිවත්
මුළු රෑම මූසල කරවන්නේ.....
තට්ටු තට්ටු උඩු දුවන්නේ..
මේ පාටවල්ම උස් මුදුන් යා කරන්නේ....

ටකස්..ටකස්...රස බොජුන්....
වීදුරු හරි ලස්සනයි

විනිවිදත් පෙනෙයි ‚අතරින් පාටත් පේන්නේ....
පාර්ලි*!මේන් ඉන්තු* මත්වෙන්නේ...
ඒක ‍එපා! අරක හොඳයි.
මහත්තයෝ‚ගෙදර දරු බඩගින්නේ
එයා දාලා ගියේ ගිය සුමානේ
ඒකයි මේ....
සාදු!දෙයිවමේ!
හඳුන් දම් මැද බෝ කොළ සෙලවෙන්නේ...
එහෙ‍මයි කිව්වට මෙහෙමයි කරන්න‍ වෙන්නේ...

උඹලා සී‚එච්‚ඕ‚එන්‚පී‚කේ
කියලා හොයාගත්තනේ....
ඒවයේ සමඟියේ බලය වෙන්නැති
එකඑක විදියට ‍දකින්න ලැබෙන්නේ....
මඟුල් තුනක් එක දවසේ කකා
නිවනට පිදුරුදා ගිනි තියාගන්නේ....


නිවන කොහිද?
මෙහෙ තව කොයි තරම් දේවල්ද හාමුදුරුවනේ....






*නම් දෙකකි.නම් දෙකම එක්ව කියවන කල තවත් නමෙකි.

Friday, April 2, 2010

දෙහදක් අාදරෙන්....

මෙය දෙහදක කතාවක්...වර්ණ දෙක පාර්ශව දෙකක් ලෙස සලකන්න...

“මෙ සීතලෙ මගෙ හිත වාං දමනවා
මට බයයි නුඹ ගිලෙයි කියා”
“මූදු ගියෙ නෑනෙ ?”

what ever happens
I Love You!
don’t know

“ලබන සතියෙ ඒන්නද ?”
“හා”

“භය හිතුනද”
“හ්ම්‍...පළවෙනි වතාව”
“මට දැනුණා”
...........

“මං ඒන්නෑ..  වැඩ”
“ඒන්න බලන්න”
...................

“මට ඕන ඔයා වගෙ කෙනෙක් නෙවෙයි”
“ඕන කෙනෙක්ව හොයා ගන්න..හිහ්...හිහ්‍‍...”
“අපි කැමති වුණාට ඒයාලා කැමති නෑනෙ”

“නුඹ හඬන්න මගෙ ළඟට වී....
සත්තයි
ආදරේ කරන්න බැහැ මට”
“අඬනවා ඔයා ‍....මට හරිම අවුල් ”
“වෙන දෙයක් කතා කරමු”
“අද මං සමාජ විද්‍යා පාඩමක් කියලා දෙන්නම්”
“හ්ම්”
“අදට ඇති”

“මං වෙන තැනක දලුලනවා”
“දැනෙනවා..අනේ පොඩ්ඩක් ඉවසන්න”

“මගෙ ලයින් ඒක කපලා”
“කීයටද කතා කරන්න පුලුවන් වෙන්නෙ”
“තාම වැඩ”
“ගෙදර ගියාම කතා කරන්නම්”
“හෙලෝ”
“ඔයාට නිදිමතයි නිදාගන්න”
“නෑ..ඔයා ඒනකන් බලන් හිටියෙ”
“කමක් නෑ..දැන් ඉන්නෙ පිට තැනක...නිදාගන්න”
“කීප වතාවක් කතා කරා..වෙයිටින් තිබුණා”
“ඔව් මට බාධා වුණා..අපටත් කෝල් ඒනවනෙ...මං තියන්නම්..
නිදිමතයි..මහන්සියි”

“මං බිසී”
“මගෙත් ඒක්ක කතා කරන්නෙ නැත්තෙ ?
මෙහෙම විදවීම මට නරකක් කරාවි...
කැමති දෙයක් කරන්න”

“අපි යාලුවො වගෙ ඉමු”
“මට තවත් යාලුවෙක් ඕන නැහැ..
මට ඔයායි ඕන”
I’m Sorry!
“මට බලෙන් ඔයාව අයිති
කර ගන්න උවමනා නැහැ”

“මට යශෝධරා හමු වුණා..
ඒයා මාරයි..විශිෂ්ටයි..
ඔයාට කවදාවත් ඒහෙම වෙන්න බැහැ”
“ටයිම් පාසින්...ඔයා මගෙන් කාලෙ ගෙව්වද..මට බය හිතුණා”
“නැහැ..ආදරෙ කරපු කාලෙ හරියට කලා”







සමනලියක් වෙන්නම්‍‍.....

නුඹෙ සුවඳ හතර වටින් දැනෙද්දි
නුඹෙ රුවට හතර  කොණ මැවෙද්දි
හතර වරං දෙවියනේ
විසිරිලා ඉවරයි මෙ හිත....
දියවෙලා ඉවරයි ආත්මයම.....

නුඹට වුණු සුසුම් මට ඒපා!
නුඹට වූ හිත නැවත මට ඒපා!
නුඹ නොම දෑසත් මට ඒපා!
හඬත් නෑසෙන දෙසවනත් ඒපා!

පින් කරලා නැති
ආත්මයට මට ඒපා!
සිරිපාද වැද මියෙන
සමනලියක් වෙන්නම්!


Wednesday, March 31, 2010

ඉපදුනේ නුඹට නෙවෙයිද?



වළාකුළක
එතිලා ඇවිත්
නුඹෙ හදින්
සුභ පැතුමක්
දැවටෙනකම්
මගේ සතුටේ...
බලා හිටියා
උදේ ඉදන්...


තලබනුවත්
අතට අරන්
හිත හිතා
ටිකක් ඉදන්
ඇමතීමක්
දුන්නා මන්...
නැහැ නුඹට මතක
කොහෙත්ම නං....
මතක් කලත්
නැහැ විශේෂයක්


නිල් පාටට
තිබුණු අහස
කලු පාටට බරවී ...


හදිසියේම
ඒ අතරේ
සුභ පැතුමක්
නොවීම
විසන්ධි විය
අවසානම
උත්සහයත්...


එයාගේ බැටරි ලෝ..
කීක්..කීක්..


කදුලු කදුලු කදුලු
රූට රූට රූට
වැටුණා බිමට...


ආරෝපණය
කරල ඇතිද..
උත්සහයක්
ගනිමුද ආයිත්
තලබනුවට...
හිතලා හිතලා හිතලා
නින්ද නින්ද නින්ද
ගිහින්...


බිම්මලක් පිපුණා වගේ
ඇලුණු ඇස් ඇරුණා
පොප් ගාගෙන උදේ..
ඒත්
හිරවෙලා ඇතුලේ
මොනවදෝ දෙයක්
හරිම බරයි
ආවේ නෑනේ
එළියට...
තවමත් ඒක එහෙම
.............////


ඇදපන් ඇදපන් ඇදපන්...
ගන්න බෑ එළියට
ඇතුලේ
තැන්පත් වෙලා
එහෙම නං හිටපු දෙන්...
හැමදාම පොප් ගායි


කදුලු කදුලු කදුලු...///

Sunday, March 28, 2010

අදුර ...අදුර..අදුර...

අදුර ...අදුර..අදුර...
පැහැදිලි අදුරක්
අැති බව පෙනෙන
නමුදු
බල අැදුම් ලා ගත්
නයිට්වරු පැහැරගෙන යති
ඒළිය වැටුණු සුදු මුහුණු
අදුරෙ සගවා...
තරු කඩාගෙනවිත්
රැස්කරවා හෙට ඉරක්
තැනිය යුතුව අැත...

Friday, March 19, 2010

ආදරෙයි ආදරයට කවුරැත් හැමදාම....



නුඹේ ආදරේ හරියට
මරියානා 
ආගාධයේ ඉදලා
දිව්‍ය ලෝකෙට 
යන 
රොකට් එකක් වගේ...