Tuesday, June 22, 2010

උදේ හවා පාරෙදි මුණ ගැසෙන සාමාන්‍ය උණ වැළඳී මිය ගිය‍ බෝඩිමක සොයුරියක් වෙනුවෙන්.....


නු‍‍‍ඹේ ඇඳුමට වඩා සුදු
වළාකුළු ඉරා
වැටෙන වැහිබිංඳු
ඇදගෙන යයි මහ පොළව
බෝ‍ඩිමේ පඩියට යටින්....

නු‍ඹේ කුස මහැර
වැළඳු රසබොජුන්
පැළඳු පිනි බිංදු
නැරඹූ පිය දසුන්
ඉකිගසයි
දෑස් පියාපත් අඩකුණු කරවමින්...

නුඹේ හිනහව වගේම සුදු
කොඩිය සැලි සැලී
නගන ගිගුම්
කණින් කණ හකුලයි




No comments:

Post a Comment