Wednesday, December 19, 2012

පෙර පාසල.................



සිලි සිලියේ හිනැහි හිනැහි
දැවටුණු මගේ පොඩි එකීගේ
සමනල් හිත ගැටගහලා
පාට පාට රූප ඇදපු
බිත්ති අතර තනි කරලා
දුක් විදින්න ඉඩ ඇරලා
මං ආවා 
මහ වැස්සේ තෙමීගෙනම 
පාර පුරාම අහුරලා හිටි 
මීදුමටම තුරුළුවෙවී
කකියන හිත පොළවේ වැදී
බිංදු බිංදු 
විසිරෙන්නට හැර.......

2 comments:

  1. පාට පිරුණ බිත්ති උනත්
    සතුන් පිරුණු රූප කොලත්
    තනිකම දුක වපුරයි නම්
    කොහෙද සතුට පොඩි පුතු හට
    හඬයි තනිව කොණකට වී
    කීරි ගැහෙන තුරු හදවත

    මම තනි වුනා නේද කියලා හැඟීමක් මුල්ම වතාවට මට ආවේ මාව මොන්ටිසෝරියේ පළවෙනි දවසේ අම්මා තනිකරලා ගෙදර ආපු දවසෙයි.., ඒ සිද්ධිය මට ආපහු මතක් උනා මේ පද පෙළ දැකලා..

    ReplyDelete
  2. ඔව් ලිෂ්.... ඒ කාලේ ආපහු මටත් මතක් වෙලා තමයි මේක ලියවුණේ
    ස්තුතියි බෙදාගත්තට!

    ReplyDelete