Tuesday, February 12, 2013

තුරු...




හැර ගියාම සුවද මලුත්
පෙම් අතුවල නටුව අගින්
අවකාශය පීරා ගොස්
තිරස් පිටක ආගන්තුක
වැව් ඉවරක
ඇතිරී වැටී
සුසුම් පොදක සලිත වෙවී....

දුක දකිනා තුරුපත් කුපිතව සිලි සිලි ගා
නටු හා ගැටෙමින්...
කම්පිත නටුව කහ වී
ටික දිනකින් මල මල මතටම
ගිලිහී ගොස්....
තුරු පාමුල
සමරයි අවසානය මියැදිදී...

එකග නැතිව තුරු හා පත්
යහලු මලට නට්ට ගැනම
තුරු හා උද්ඝෝෂණයෙ යෙදී
කාලෙකදී වියලා ගොස්
තුරු පාමුලටම
වැටි වියැකී....
දුර්වල නෑ තුරු එහෙමයි
තම කාලය අකුරටමයි
තව තව මල් නටු හා පත්
සමගින් කාලය හා ගමනේ යෙදී...

2 comments:

  1. "තව තව මල් නටු හා පත්
    සමගින් කාලය හා ගමනේ යෙදී..."

    හරි පාලුවක් දැනෙනවා
    ඒක හිස් බවද මංදා..!

    ReplyDelete
  2. ඔයාට දැනෙන දේ වෙන්නත් පුලුවන්...

    ReplyDelete