අපි ආයෙත් හමුවුණා..තරු පිරුණු අහසක් යටදිත් නෙවෙයි..හීනි හුලගක් හමන සැදෑවකදිත් නෙවෙයි..ඒ වගේ හැගීමක් වත් දැනෙන තැනකදිත් නෙවෙයි...පිණි වෑහෙන උදෑසනකදිත් නෙවෙයි...
ඔයාව තල්ලු කරන් මිනිස්සු ඇදෙනවා..මට පාර පනින්න බැහැ එක පෝලිමට වාහන යනවා..වැඩි වෙලාවක් ඉතිරි වෙලත් නැහැ...යන්න හදිස්සියි වැඩ තියෙනවා.. ඒත් ඈතින් බොද වෙලා පෙනුණු රූපේ අදුර ගන්න බැරි කමක් අපි දෙන්නටම තිබුණෙ නැහැ...ඔයාගේ අතේ බර මල්ලක් තිබුණා....ඊට වඩා බර උරහිසක් ඔයාට තිබුණා..
" ලස්සනයි ඔයා"
"එකපාරටම?"
"හැමදාමත්ම"
"හැමෝම මෙතන පහුකර කර යද්දි තාමත් ඔයා ලස්සනයි කිය කිය මෙතන"
"මුල් වරට මට එහෙම හිතෙනකොටමත් මට ඔයා අහිමි හිමි වෙලයි තිබුණෙ" ඒ කියන්නේ අහිමි නිසා ද ඔයා රැදිලා ඉන්නේ..අපි හැමෝම අහිමි තැන්වලද රැදෙන්න හදන්නේ....මම ඈතට ගියා..
"කියන්න කොහෙදිද ඔයාට මාව හමු වුණේ.. කොහෙදිද ඔයාට මගේ ලස්සන පෙනුණෙ..පුදුමයි මම ලස්සනයිලු...."
අපි ආයෙමත් අපේ ඇගේ හැප්පෙන අයට ඉඩ දෙන්න උත්සහ කරමින් කතාවට කෙළවරක් හෙව්වා.....
"මට බාගයක් ඕන...ගෝල්ඩ්ලීප් පහකුත් එක්ක" එයා කෑගහනවා. මට ඇහෙන් නෑ.
"මට පිපිරෙන්න ඕන..." මං හයියෙන් හුස්ම ගත්තා..“බාගෙන් කාලකුත් ඕන...පහෙන් දෙකකුත් ඕන....“
"ඔයා මහා බ්‍රහ්මයාද?" මූණට හම්බෙන හැමකෙනෙක්ගෙන්ම අහන්න වටින ප්‍රශ්නයක් මං එයාගෙන් ඇහුවා...
"වෙන්නේ නෑනේ.. ඇයි?"
"කියලා අලුතින් මවා ගන්න..."
"මොකද්ද?"
"ප්‍රේමය...."
ඔයා ගල්වෙලා මගේ මූණ බලාගෙන..මගේ අතින් අමුතූ වචනයක් කියවුණා...අපි දෙන්නම දන්නේ නැහැ ඒක මොකද්ද කියලා.....මට හරී අපහසුතාවක් දැනුණ නිසා මං හදිසියේ යමක් මතක් කලා...
"මට..මට සූකිරි ඕන..ඔව් සූකිරි ඕන" මට හදිස්සියෙම ඕන වුණා සූකිරි...
"ඉතිං මං ආදරෙයි" මට සූකිරි ඕන වීම එයාගේ ලෝකෙන් එහා දෙයක් වගේ...
"මට ඕන නෑ." මං සූකිරි ටික පාරට විසි කරලා දැම්මා..එවා රෝද වලට අහුවුණාද කොහෙද....
"හහ්...මට තව වැඩි කාලයක් නෑ.මැරෙයි"
"සතුටුයි!"
"ඇයි"
"මැරෙන බව දැනෙනවනේ..මැරුණු අය දන්නෙත් නෑ මැරිලා බව.."මං හිතුවේ බොද වෙලා තිබුණ රූපේ නොපෙනීම යයි කියලා..ඒක එහෙම වෙන් නෑ..දැවටි දැවටි එයත් එහෙමම ඉන්නවා....
"මවා ගන්න ඕන කියපු ඒවා හම්බෙයිද?"
"හම්බවුණොත් හොදයි"
"එහෙනම් මං පරාදවෙයි"
"ඔව්"
"විශ්වාසයිද? කොළරා කාලේ ඉවරවෙනතුරු මම ඉන්නවා"
මට ලියන්න සත පහක වෙලාවක් ඉතිරි වෙලා නැහැ.මේ හදිසි ජීවිත ගමන දුවන්නම වෙලා..ඒත් අහසේ තියෙන කලුපාට වළාකුළු බරවෙලා පහලට වැටෙද්දි අලුත් වළාකුලකට ඉඩක් හැදෙනවා.දැන් කොළරා කාලෙත් ඉවර වෙලා බොහොම කාලයකුත් ගෙවිලා ගිහින්.තාමත් මේ පාරෙ මිනිස්සු කලබලෙන් එහාටයි මෙහාටයි දුවනවා..පාර පනින්න මිනිස්සු බලාගෙන ඉන්නවා..බොද වුණු රූප හැමතැනම තියෙනවා..

No comments:
Post a Comment