මග බලා හිදිමි
වැළද ගන්නට
උණුහුම සරසන
සංසාර හාද්ද .....
ගෙල බදා මිරිකී
කෙහෙරැල් මතින්
දගකර දෑගිලි
ලොල්වී මත්වී......
කාලය යනෙන තෙක්
එන නිවාඩුව නුඹ අරන් එන තෙක්
දෑස් විදා බලා හිදිමි
දෑස් පියා විදින්න
නුඹෙ හාදු වැස්ස......
දුරින් දුර අවකාශයක
අසෙලියා පිපි මාවතක
අසෙලියා පිපි මාවතක
හෙමි හෙමි න් ගෙන දෑත නුඹ වෙත
ජීවිතය ගෙත්තම් කලා රන් මුදුවක.....
ජීවිතය ගෙත්තම් කලා රන් මුදුවක.....
සද එළිය හොරෙන් විත්
නිසංසල ආශිංසනයක
මත්වෙලා නුඹ නමට
සැබෑවක් නැහැ දකින්නට
හීනයක් නිදනවා නොදන්වා කෙළවරක....
නිසංසල ආශිංසනයක
මත්වෙලා නුඹ නමට
සැබෑවක් නැහැ දකින්නට
හීනයක් නිදනවා නොදන්වා කෙළවරක....
"අමාවක රැයක ඔබ
ReplyDeleteසරා සඳ වී එන්න..... "