Saturday, June 2, 2012

සියක් හාදු මෝසමකින්

හදිසියේ වට මෝසමට පසු
හුදකලා අහසක ප්‍රේමය ඇතිරී
තරුමල් වරමින් ගැබ්බර වී සද 
ඉවුර කෙළවර අහුරන හීනෙට
මත් වූ ගංදිය මුමුණන ගීයෙන්
මුසපත් තුරුපත් සැලෙයි සිප
අතරමංව ගැටි ගැටී යන දග සුළග...

සැරසී සැරසී පැහැයෙන් පැහැය
මේ ගංතෙර
ගොතන පාලුව
නුඹ පැමිණේවි යයි
මග බලා හිදියි

පහව යන්නට.....




ප්‍රේමණීයයාණෙනි
උන් දග දමාපුදෙන්
සියලු උණුසුම් කැටිකොට මා ළගයි
නුඹෙ තැවෙන සිත් හී වේදනා
දවා හරින්නට සියක් හාදු මෝසමකින්
පියාඹා එමි ප්‍රේමයේ පියාපත් මතින්
ගුලිවෙන්නට මිරිකෙමින් නුඹෙ දෑත් අතරට......







3 comments:

  1. අකුරු පාට වෙනස් කරන්නෝ......:D

    ReplyDelete
  2. හරිම ලස්සනයි!! ඒ පින්තූරෙත් මහ අමුතු ගුප්ත ගතියක් තියෙනවා...

    හැබැයි හරි අමාරුවෙන් කියෙව්වෙ.. අකුරු පාට වෙනස් කරන්න..:)

    ReplyDelete
  3. ස්තූතියි හිතූ!! ඔන්න මගේ පුරුදු පාටින්ම ඒකත් දැම්මා... :)

    ReplyDelete