ආනන්ද... ආනන්ද... සර්පයා දුටුවා ද
ආනන්ද.. ආනන්ද
අද්භුත මිනසෙකු මා දෙස බලාගෙන එසේ අසද්දී මා වික්ෂිප්ත වීමි.මා ආනන්ද නොවේ. මේ මිනිසා එය නොදන්නේද?
ආනන්ද..... ආ..නන්ද කෙමෙන් ආමන්ත්‍රණය ප්‍රබල වීමත් සමඟ මා තිගැස්සී අවදි වීමි.
වටපිට බැලූ මට වෙලක නියරක සේයාවකදු නොවීය. තට්ටු 14ක් උසැති මේ ගෙබිම කොයින්ද වෙලක්... සිහින් සිනහවත් සමඟ කුස තුලින් දැනුනු හීන් පා තෙරපුමින් ලද වේදනාවෙන් මම සිටගතිමි.
ඉබේම විසල් ජනේල කෙලවරට පැමිණි මට ළඟ ළඟ දළුලා ඇති ඈතින් පෙනෙන ගොඩනැඟිලි ද ඒ අතරින් කුහුඹුවන් මෙන් ගමන් කරනා වාහන ද පෙනෙයි. ඊටත් එහායින් මීදුමක් වැනි මුහුදද පෙනෙයි.
හීන් සීරුවේ වැරන්ඩාවේ දොර විවර කොට සඳළුතලයට පිවිසියෙමි. එළිමහනේ උණුසුම ගතට සනීපයක් ගෙන දෙන්නට විය.දිගු සයන කවිච්චියේ ඇලවෙමින් දෙව්ලොව සිට ගෙන්දගම් පොලෝතලය දෙස බැලීමි. සැබවින්ම මා සිටින්නේ දිව්‍ය ලෝකයේ වෙමි. මා හට දෙව්හිමියන් සේ ස්වාමිපුරුෂයෙක් ලැබී ඇත.
මා අදටත් හුස්ම ගනුයේ මාගේ දෙමව්පියන්ටත් සහෝදරියටත් සහෝදරයටත් සමහර යාලුවන්ටත ස්වාමියාටත් පින් සිදුවන්නටය..
බැසයන හිරු මළානික රත් පැහැයෙන් දිදුලමින් ලෙලදෙන්නට විය. බෙල් හඞත් සමඟ විවෘත වන දොරින් ඔහු පැමිණ ඇති බව මා දැනගතිමි තව මොහොතකින් මා අසලට පැමිණ නළලත ද සිප කුස ද සිප අතගා සැනසීම දෙනු ඇත.
මා සෙමින් දෑස පියා ගතිමි.
--------------------------------
No comments:
Post a Comment