Thursday, February 3, 2022

දේදුන්නක්ද මං.....

ආයේ ආයෙමත් ආදරෙන් විනාස වෙද්දි මං කාටවත් චෝදනා කලේ නෑ.අඩුම තරමේ මේ කාලයටවත්...

ඔයා හිතන්න ඇති මම බලපෑම් කරලා මට ඕන දේ කරගත්තා කියලා.ඊයේ ඔයා ඇවිත් ගියාට පස්සේ ඔයා මට කතා කල විලාසයෙන් මට ඒක තේරුම් ගියා.
ඔයා කරපු කියපු දේවල් වලින් මට තේරුනේ මං ඔයාගේ කරේ එල්ලෙන්න බලාගෙන ඉන්න කෙනෙක් වගේ මට සලකනවා කියලා.ඒක ඔයා දැනුවත්ව කරන දෙයක් නොවෙන්න ඇති.ඒත් ඒක ඔයා නොදන්න ඔයාගේ ඇතුලේ තියෙන දේ... ඒක මට දැනුනම මට හුගක් බය හිතුණා.

මේ කලුවර වෙන වට පිටාවත්  එක්ක කොහේ හරි මේ හිත විසික් කරලා මට නිදහස් වෙන්න පුලුවන්නම්..
මං ඔයාට ආදරය කරනවා.මට ඒක  මේ වචන ටිකින් කියලා ඉවර කරන්න බෑ... මේ වචන තුන ඔයා ඕන තරම් අහලා ඇති.ඒත් මේ වචන තුන ඇතුලේ මං කියන්නේ මට හැමදාම ඔයත් එක්ක නිදාගන්න ඕන.හැමදාම මට ඔයාගේ ජීවිතේට හයියක් වෙන්න ඕන.ඔයා ළග හුරතල් වෙන්න ඕන.ඔයා ළග මහන්සි අරින්න ඕන.ඔයාගේ ළමයි හදන්න ඕන කියන තේරුම් වලින්... මං වැරදිද.. කියන්න මං වැරදිද.........

මං ආසයි ඔයාගේ දෑතින් මාව බදන උණුහුමේ ගුලිවෙන්න...ඇටකටු කැඩෙන කිටි කිටියේ ඔයාගේ තුරුලේ ඇහිරෙන්න.
මට ආදරේ දෙනවද ?

ඔයා මට ආදරේ දෙනවද ඒ තරම්....
පිරිමියෙක්ට ගෑණියෙකුට ආදරේ දෙන්න බැරිද ඒ තරම්...

බැදපු මිනිහෙකුට ආදරේ කරන්න ගෑනියෙකුට කොයිතරම් හයියක් ඕනෙද කියලා ඔයා දන්නවද රත්තරං.


කතාවක් ලියන්න යන්නේ කියවන අය ඉන්නවද? කෝ? ලියන්නද.....?

No comments:

Post a Comment