
හැමදේටම
උපරිම වේගයක් තිබුණු මේ කාලේ මතකද අපි දෙන්නා ඉවසීමෙන් දෙපැත්තට වෙලා හිටියා.මං
ඔයා දිහා බලාගෙන.ඔයා මං දිහා බලාගෙන...ඉවසීමේ විඳීම කොයිතරම් මිහිරිද...විදීම පුලුල් වෙන්න
පුලුල් වෙන්න අපි ඈතට වුණා..ඒක කාලකණ්ණි කමකට හැරුණම එහෙම නැත්තං මට ඔයාව නොපෙනෙන්න පටන්
ගත්තම ආයෙමත් ඔයාව හොයාගෙන දුවගෙන ආවා...ඔයාගේ
වළාකුල් යහනාවේ හැමදාම මට ඉඩ තිබුණා....ඒක මගේ කියලා දැනගත්තම මං ඕනවෙලාවට ආවා
ඕනවෙලාවට ගියා... පස්සේ පස්සේ ඔයා ඉතිං සමහර වෙලාවට මැජික් දණ්ඩ අතට ගත්තු දවස්
එහෙන් මෙහෙන් හරි තිබුණා..

හැමතැනම....