Wednesday, September 21, 2011

බන්සි


බන්සි හැඩකාර පූසි.කොළ පාට ඇස් උඩින් නලල දෙපැත්තට විහිදෙන කළු ඉරිදෙකේ හැඩ අබූගේ ගෙදර සාලෙ තියෙන අතෙන් තට්ටුවක් දැම්මම රූප පේන්න ගන්න පෙට්ටියේ පාට ගාපු එක කෙල්ලෙකුගේ මූණකවත් නෑ කියලයි බූට හිතුණේ.

බන්සි ආසම නැහැ පොලිස් කොට්ටෝරුවා දකින්නවත්.අහම්බෙකින් හරි පොලිස් කොට්ටෝරුවාගේ කකුල් දෙක බන්සි ළගින් ගියොත් ඌට පයින් ගහනවා ඇළ ළගටම විසි‍ෙවන්න.ඒ නිසා පොලිස් කොට්ටෝරුවා දැක්ක ගමන් බන්සි පුරු පුරු ගාලා මුල්ලකට ගුලි වෙනවා.ඒ වගේ වෙලාවට අබූ බන්සිව තුරුලට ගන්නවා.බන්සිට ඉවසන්න බැරි අබූ ඌව හපන එක තමයි. ාව්...එතකොට බන්සි කෑ ගහනවා.අබූගේ කට පුරා  බන්සිගේ සුදු පාට ලොම්.

අබූ අතේ තිබුණු දත දිහා බැලුවා.ඒක හ එළියට දිළිසෙනවා.අබූ ඒක දිහා බලලා අහස දිහා බැලුවා.කලු අහසෙත් සුදු පාටට දිලිසෙන්නෙ දත් වෙන්නැති.එහෙනම් පිච්චි ඇයි ඒවට තරු කියන්නේ.

“අබූ.. අපි දත අහසට විසි කරලා බලමුද?” මන්තර බන්සි අබූගේ හිත කියවලා.අබූ බන්සි දිහා බලලා මනමාල හිනාවක් දැම්මා.බන්සි දත ගාවට ගිහින් මන්තරයක් ජප කරා.හැබැයි බන්සි ගාව මන්තර කොස්සක් නම් තිබුණෙ නැහැ.
“ඔහොම ගිහිං ...මෙහෙම ගිහිං...වරෙං..වරෙං...දිලිසෙන..සුදුපාට..කිට්ටු..කෙට්ටු... ” බන්සි මායම් වෙලා මතුරනවා.අබූ‍ට බන්සි කියන වචන පැහැදිලිත් නෑ.බන්සිගේ දැගලිල්ල අඩුවුණා.සද්දෙත් නැවතුණා.

අබූ පුලුවන්තරම් හයිය දාලා දත අහසට විසිකරා.දෙන්නම දත ගිය දිහා තමයි බලා හිටියේ.ඒත් ඒක කොහද ගියේ.දෙන්නම හිතුවේ සුදු දත දිලිසි දිලිසි රොකට් එකක් වගේ ගිහින් කලු අහසේ  එල්ලෙයි කියලනේ.පාරෙ ලයිට් කණුවෙ එළියත් මදි.අබූ කෙසේ වෙතත් බන්සිගේ කොළ පාට ඇස් දෙකටවත් පෙනුනේ නෑනේ ඇත්තට.බන්සිට හුගක් දුකයි.දුක වැඩි වුණ දවස්වලට බන්සි රෑ මැද්දේ හීනෙන් අඬනවා.බන්සිගේ මන්තරේ වැරදුණාට බන්සිට දුකයි.

බූ තාමත් සින්දු කිය කිය නානවා.එයාට නම් මොකද.



තමන්ගේ දෙයක් නැති වුණාම පුංචි  ළමයි අඬන හැටි බන්සි දැකලා තියෙනවා.ඒත් අබූ තාමත් කළුවර දිහා බලාගෙන ඉන්නවා.බන්සිට තදින්ම උවමනායි මේ කළුවර මැද්දෙන් අබූට මොනවහරි ගෙනත් දෙන්න.බන්සිගේ දීප්තිමත් ඇස්‍ දෙකේ එළිය තරුත් දැක්කා.කළුපාට අහසේ සුදුපාට වළා පටලයකින් වටවුණු තරුවක් හරිම වේගයෙන් අබුයි බන්සියි දිහාට ඇදිලා ආවා.පුදුමයි.බන්සිත් ඒ දිහාට ඇදිලා ගියා.අබූ බලාගෙන හිටියා කළුවර දිහා බලාගෙන හිටිය විදියටම.බන්සි ටික ටික සුදු පාට වළාකුලෙන් වැහෙන්න පටන් ගත්තා.දිය ඇල්ලක් වගේ ඒ වළාව ඇදෙන්න පටන් ගත්තා.එතකොට ඒ ඇස් දෙක මතු වුණා.බන්සි ගෑණු ළමයෙක්.සුදුම සුදු හිම පාටට පුළුන් වගේ පිම්බුණු ගවුමක් ඇදගෙන දිලිසෙන ඇස් වලින් බන්සි අබූ දිහා බලාගෙන හිටියා.ඇහැ උඩින් නළල දෙපැත්තට විහිදුන ඉර බන්සිව සුරංගනාවියක් කරවලා.අබූ‍ට හුරේ දාන්න තරම් සතුටුයි.

“පි....... ”අබූ හුස්ම උඩට ඇද්දා.ඇස් දෙක ලොකුවෙලා.කටත් ඇරිලා.පපුව කෙලින් වෙලා පොලිස් කොට්ටෝරුවටත් නැති තරමටම.

බන්සිගේ හිම සුදු පාට ඇගිලි තුඩු අබූ දැක්කේ එතකොට.අබූ කන්න ආසම රතුපාට  ලොසින්ජර වගේ බන්සිගේ තොල් උඩින් ඇගිල්ල තියාගෙන අබූට කෑ ගහන්න එපා කිව්වා!


මෙහි චරිත ව්‍යාධිදේවගේ නිර්මාණයන්ය
බන්සීද බූද අබූ ද පිච්චීද ඔහු‍ගේය
කතාව මගේ ;)




3 comments:

  1. කාලෙකින් අක්කාගේ බ්ලොග් එකට ආවා :)

    ReplyDelete
  2. මේක කියවනකොට මට මතක් උනේ, ඉස්සර මීහිර පත්තරේ හිටපු බූ, බබා, තුල්සි ඉන්න බටකොල ආච්චි කතාව..! හැම තිස්සේම දෙවෙනි කොටසකට ඉඩ තියන්න එපා සහෝදරී.., කියවන්නාගේ කුතුහලය සුවපත් කරන්න ලියන්න..! ජය!!

    ReplyDelete
  3. සමවෙන්න..ඒත් මේ කතාව දිගහරින්න මේකෙ චරිත මගේ‍ නෙවෙයි..

    ReplyDelete