තනිකම..හරිම සුන්දර
වචනයක්...තනිකම ඇතුලේ කොයිතරම් නම් විඳවන්න පුලුවන්ද......ඔයා
වෙනුවෙන් විඳවීමම කොයිතරම් සුන්දරද... මේ නියෝන් බල්බ් වලට මගේ හඳ අයිති
වෙයි කියලා මට හිතුණේ නැහැ අසිහියෙන් ඉද්දිවත්....
-අපේ ආදර කතාව.-..කවරයම පැටලිල්ලක්
වගේ තියෙන පොතක් දැක්කා මම.. මේ පොත මාව පැහැර ගත්තා.තාමත් ඔයා මාව බේරගන්න එයි
කියලා මං මග බලාගෙන ඉන්නවා...
“පාරිශුද්ධ චමත්තකාරයට
මෛත්‍රී කරගෙන
හඳ එළිය වැඩම කරනවා මගේ
කාමරයට.
මට ඔයාව මතක් වෙනවා.
මට පුලුවන් නම් මැරිච්ච
තරුවක් වෙලා
ඔය හඳ ළඟින් කඩා වැටෙන්න.
ඔයා හරිම තියුණුයි.
හැඟීම් දනවන සුලුයි.
පුදුමාකාර තරම් මුවහත්.
ගෑණු පරාණ
ඔයාට මැරෙන්න හදන්නේ ඒ
හින්දමයි.
ඔයා ඒකෙන් ප්‍රයෝජන
ගන්නවා
මදියි කියලා මට හිතෙනවා.
මගේ ජීවිතයට ඔයාගේ ප්‍රේමයේ
අණසක පැතිරිලා.
මාව මට ම පාලනය කර ගන්න
බැරි තරමට ඇවිස්සිලා.
ඔයා මාව අවුස්සලා.
සන්සුන්-නොසන්සුන් හැම
පීඩාකාරී
උණුසුමකට ම මම කැමතියි.
මම කැමතියි ඒ උණුසුම
මගේ ශරීරය ඇතුළෙ
මුදාහරිනවට. ”
-
සන්නස්ගල.අපේ
ආදර කතාව.
ඇයි ඇයි....පතිනිව මැරෙව්වේ....එයා විදව විදව ජීවත් වෙන්න ඕන..ඔව් ඒ ලේ පිළිකාවත් එක්ක ජීවත් වෙන්න ඕන..ඒ ප්‍රේමයේ කුණු වෙවී ජීවත් වෙන්න ඕන..බෙහෙතක් හොයාගත්තොත් එයා සුවපත් වෙන හැටි පෙන්නන්න ඕන...අමා තව ජීවිතේ විදින්න ඕන එයාට ජීවිතේ විදින්න ඕන නම්.එතනදි එයාට ජීවිතේ පිලිකුල් වෙනවද එහෙම නැත්තම් වීදීමෙන් එයා සාර්ථක ජීවියෙක් බවට පත්වෙනවද කියලා සර්ට ලියන්න තිබුණා... ලියන්න තිබුණා පෘථිවි පිරිමියෙක් විදියට මේ දෙකින් කොතනද ස්ථාපනය වෙන්නේ කියලා...මෙහෙම දෙබිඩි පිරිමි චරිත වලින් පිරිමි එලියට එන්න ඕන..නැත්තම් සමාජයම නපුංසක වෙනවා....කවුද මේ පිරිමි කියන්නේ කවුද ගැහැණු කියන්නේ...මම පොතක් කියවන්නේ හොයාගන්නත් එක්ක මිසක් විදින්න විතරක්ම නෙවෙයි...තව ලියන්න තිබුණා...............................
ReplyDelete