Thursday, September 29, 2011

මං සතුටින්...








මම ගියා අලුත් වේදිකා නාට්‍යක් බලන්න..ශ්‍යාත් එක්ක..කවදාවත් නැති විදයට රෑ මැද්දේ කොළඹ 7 පුරාම ඇවිද්දා..හැමදාමත් වගේ මුල් පහලට ඇදිලා තියෙන නුග ගස් දැක්කම ඇවිස්සෙනවා වගේ හැගීමක් දැනෙනවා..අපේ පැත්තට වඩා ලස්සනට දැන් කොළඹ 7ට හඳ පායනවා..කොයිතරම් තනිපංගලමේ ගියත් කිසි කෙනෙක් අපට කරදර කලේ නැහැ.තප්පර වෙවී ගිය ත්‍රීවිලර් එකක් විතරයි මුණ ගැහුණේ..ඒකත් අපේ ෆැන්ටසියට ඉඩ දීලා යන්න ගියා...


මම දවසක් රැ 7ට විතර ගෝල්‍ෆේස් එක ලගින් බස් එකක ගියා...මුහුදයි හඳයි ලියපු ප්‍රේම පුරාවත තවමත් නැවුම් උණුසුම අරන් අපේ හිත්වලට අවශෝෂණය වෙනවා....මෙතරම් කැළඹෙන මුහුද දිහා හඳ කොයිතරම් ශාන්තවද බලාගෙන ඉන්නෙ.. මුහුද ගැන දුක හිතෙන ගමන්ම හඳේ හිතුවක්කාර කම ගැන මට ආස හිතුණා..ඔයාගේ උරහිස යටට වෙලා ඒ හඳයි මුහුදයි දිහා නිවන් දකිනකම් බලාගෙන ඉන්න මට ඕන කියලා හිතුණා........ මං ශ්‍යා අක්කට කිව්වා අපි ගෝල්‍ෆේස් යං කියලා..ඒත් ඒ වෙලාවේ එයාගේ තාරා මණ්ඩලය නොකියන දුකකින් වාං දානවා මං දැක්කා....මං කතාව වෙනස් කරා...

ඒයි මුහුද මේ බලනවා
මං ඔහේ ඉස්සරහා හිටගෙන ඉන්නවා
ඔය දියරැල්ලක් තරම්වත් පලල නෑ මම
පේනවද ඔහේගේ දරදඩු සිතිවිලි වල සැරට
ම‍ගේ සමබරතාවය බිදෙන හැටි..
ඒයි මං ඔහේටයි කතා කරන්නේ
කිව්වේ බිදින්නයි කියලා
මට ඇහුම්කන් නොදී සිටිනා 
සන්සුන් ඉරියව්ව...


සමහර අය වයරිං කරගෙන...ඇහේ එකයි..දිවේ එකයි.. කනේ එකයි...එයාලා සර්කිට් වගේ... එහෙම ඉන්න එකත් හොදයි.. ඒගොල්ලො සතුටුවෙන්නේ මේ ලෝකෙ ඉදලා නෙවෙයි එයාලට තියෙනවා එයාලගෙම ලෝක..හැබැයි මං ඉතිං කොහොමද එයාලගෙ ලෝක වලට යන්නෙ...මම ඉන්නෙ මේ ලෝකේ....ඔයා වගේ ලෝකයම අරන් ප්‍රේමයේ සුසුම් වල පොවලා මගේ නළල මත තියන්න එයාලට පුලුවන්ද කියලා සැක හිතෙනකොට මං ආපහු  හැරෙනවා.      --- කොළඹ රැඩිකල් චරිත මත ප්‍රේමය හොයන්න එපා.සාමාන්‍ය කෙනෙක් හොයාගන්න ---..ඒත් කවුද සාමාන්‍ය මිනිස්සු...ඉස්සරහට යන්න බැරිව එක එක හේතු නිසා එක එක තැන්වල ස්ථාන ගතවෙලා ඉන්න අයද.....එහෙම නැත්තම් බුදුහාමුදු‍රුවෝ කිව්ව වගේ ලද දෙයින් සතුටු වෙලා ඉන්න අය ද... එත් එයාලට අවස්ථාවක් ආවොත් එයාලා ඒ අවස්ථාව ප්‍රයෝජන ගන්නවා නේද..දැන් වෙනස්වීමත් වෙනස් වෙනස් ‍විදියට වෙනස් වෙන්න පටන් අරන්.එකම දේ එක එක තැන්වල වෙනස් වෙනස් විදියට එක එක කාලෙදි ආයෙමත් ආයෙමත් සිද්ද වෙනවාද.ඔය අතර ප්‍රශ‍්නේ තියෙන්නේ ඉස්සරහට ගිය මිනිස්සු මඟහැරුණු දේවල් එහෙම නැත්තම් නවීන දේවල් ‍කරා ආපස්සට එන එක.



ආහ් තව දන්නවද....අපි වේදිකා නා‍ට්‍යක් හදන්න හදනවා..එකේ නම තමයි රාජ- ගිරිය..ප්‍රධාන නලුවයි නිලියයි - අපේ බෝ‍ඩිමේ ඇන්ටියි අන්කලුයි.අපේ ඇන්ටිට හොදට රගපාන්න පුලුවන්.. සම්බන්ධීකරණය අන්කල්ගෙන්..එයාට විතරයි ඇන්ටිගේ භාෂාව තේරෙන්නේ..ඔන්න දවසක්...
ඇන්ටිලගේ මුණුපුරොයි අහල ගෙදර මුණුබුරොයි බැඩ්මින්ටන් සෙල්ලමක..අහල ගෙදර ඇන්ටි ස්ලැබ් එකට නැගලා ඉණට අත තියාගෙන .

‘’ළමයි සද්දේ වැඩියි..සෙල්ලම නම් සද්ද අඩුවෙන්..’’

අපේ ඇන්ටි අපේ කාමරේ පැත්තේ දොර ඇරියා...ඇස් දෙක උඩ ඉන්දලා ස්ලැබ් ඇන්ටි දිහා බැලුවා...

පිනකට ඇන්ටි ලගින් ගිය මට ...

ඇන්ටි - ‘චන්ද්‍රිකා මැඩම් ඇවිල්ලා ‘
එයා කියලා ඔලොක්කුවට අතින් කට වහගත්තා.ස්ලැබ් ඇන්ටිගේ රැවිල්ල ආවෙ  බකස් ගාලා හිනා වුණ මට..
ඒත් එක්කම එතනට ආව අන්කල් කට ඇරන් ස්ලැබ් එක දිහා බලාගෙන ඉන්නවා...

ඇන්ටි -- ‘මෙහෙට එනවා..’
අන්කල්-- ‘ඇයි මොකද’
ඇන්ටි -- ‘කොහෙද ඔය බලාගෙන ඉන්නෙ..’
අන්කල්-- ‘මං කොහෙවත් බලාගෙන හිටිය යැ’
ඇන්ටි -- ‘මගේ ඇගේ හැප්පෙන් නැතුව අන්න අරෙහෙට යනවා..ආ..කෑම එක අරන් යනවා...’

අන්කල් ඇන්ටිව අරන් ඇවිල්ලා තියෙන්නේ බදින්නෙත් නැතිව...කොයිතරම් ආදරෙන් ඉන්න ඇතිද... ආදරේ කරන කාලේ දකින්න වුණත් කොච්චර ආසද...ඒත් දැන් ඇගේ ගෑවෙන්න එපා කියලා බනින්නෙත් බොරුවටම තමයි..දැන් දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා..එක්කෙනෙක් ජර්මනි..අනිත් දෙන්නා මෙහෙම හොදින් ඉන්නවා...

අපේ බෝඩිමේ..සචීයි රේණුයි ශ්‍යායි මමයි අපේ නාට්‍යයේ සහය නලු නිලියෝ..ඔන්න දැන් අපිත් එහෙනම් නිලියෝ වෙන්නයි යන්නේ... අපේ කතාවෙ තේමාව අහල පහල...
.පුංචි පුංචි හිස්තැන් වලට පැලැස්තර අලවන්න ප්‍රමෝදයක් දැනෙන්නේ නැහැ...

මේ දවස්වල අපි සචීගේ වෙඩින් එකට යන්න නැටුම් පුරුදු වෙනවා..අපි ගානේ නොමිලේ නැටුම් ජවනිකාවක්...සචීට අපිට බෑ කියන්න බැරි හින්දා අපිට ලැබුණු විශාල අවස්ථාවක් මේක...ඒ නිසා අපි හිතුවා නැටුම පුරුදු වෙලා වෙඩින් එක දවසේ නොනටා ඉන්න.කොහොමත් ඉතිං අපි සච්චගේ යාලුවෝ විදියට එයාට හොද අනාගතයට ඉඩ දෙන්න එපැයි නේද..මං ඒ නැටුම් පන්තියට දිගටම ගියේ නැහැ.. . ශ්‍යානම් සෙනසුරාදයි ඉරිදයි දෙකේම ගිහිං හුගක් පුරුදුවෙලා එනවා..ඒ සර් ඒවට ගෙවන්න කියන්නේ නැහැ. ඒ පන්තියේ නැටුම් සර් හරි හොදයි.එයා උසයි.ලතින් ඇමරිකන් ෂූස් දෙක දැම්මම තවත් 
උසයි...හැබැයි එයාට තියෙන එකම ප්‍රශ්නෙ බෝඩිමේ පාට්නර් කෙනෙකුයි ඉඩයි නැති‍එක..ඒත් ඒවත් ප්‍රශ්නද..මම පාට්නර් වුණා.පොඩි ප්‍රශ්නෙකට තියෙන්නේ මම එයාට වඩා කොට එක..ඒත් අපි දැනං හිටියා ඕනම සිදුවීමක අසීරු අවස්ථාවට සූදානම් වුණාව ඉතිරි ඒවා තරණය කරන ‍එක ‍ලේසි බව.බෝඩිමේ ඇදන් එක පිට එක දැම්මා..දැන් හොදට ඉඩ තියෙනවා..මේ සද්ද බද්ද දිහා අපේ ජනෙල් තිර අස්සෙන් හොරෙන් බලලම ඇන්ටි දැන් බලන් නැතිවම දන්නවා මේ සද්ද වලින් එයාට කිසි කරදරයක් නැහැ කියලා...



මේ පැතිරුණු ආධ්‍යාත්මය ඇතුලේ මට ප්‍රේමණිය 

පිණිබින්දුවක් වෙන්න ලැබීමම 

චමත්කාරජනක සෞන්දර්යයක් 

ප්‍රභාෂ්වර...................................... 

3 comments:

  1. නියමම ලියවිල්ලක් ජය වේවා

    ReplyDelete
  2. ස්තුතියි සුදු සහ හේමලයෝ......

    ඔයාලත් සතුටින් ඉන්න!!!!

    ReplyDelete