Wednesday, September 21, 2011

ප්‍රේමණීය කොළඹ....



කොහෙන් ලියන්න පටන් ගන්නද...කොහොම කියන්නද...ඒක සියල්ලෝම සතුටින් විසිර ගිය එකමත් එක කතාවක් වුණානම් ලස්සනට ලියන්න තිබුණා...ජීවිතේ කතාවක් වුණානම් ඒකේ රගපෑවා විතරයි කියලා හිත හදා ගන්න තිබුණා..මගේ ජීවිතේ කතාන්දරයක් කරගන්න උවමනා වුනානම් මට රගපාන්න තිබුණා.එහෙනම් අවසානයේ රිදිල්ලක් තුවාලයක් ඉතිරිවෙන්නේ නැහැ.ඔයාට ආදරේ කරලා වීරචරිතයක් වෙන්න උත්සහ කරෙත් නැහැ.. උල් පිහියකින් අනිනවා වගේ දැනෙන ඔයාගේ සෘජු සිතිවිලි මගේ ප්‍රේමය ජය අරන් තිබුණා..ඔයාගේ හිතුවක්කාරකම් මාව උමතු කරවලා තිබුණා. උමතුවේ මිරිකෙමින් හිටියත්  මට දැනෙන දේවල් ප්‍රකාශ කරන්න මං දැනන් හිටියේ නැහැ.ඒ හිස්කම මාව ඔයාගෙන් විස්තාපනය කලා අනුප්.. ගෙවල් වල සීරුවට හදලා කාන්තා නේවාසිකාගාරෙ පරිස්සමට තියලා හදපු  මං ඔයාගේ විෂම ලෝකේ ගැන මොනවා කියන්නද...ඔයා ගැන ලියන එක හිතන එක ගින්නක් අනුප්...ඒත් මං කැමතියි පිච්චෙන්න.....
එක එක හැඩේට හැරෙන හැම පාරක් අයිනෙම හිටවලා තියෙන කලර් ලයිට් දන්නවා බස් හෝල්ට් එකෙන් හෝල්ට් එකට ඔයාගේ නම මිමිණුව හැටි.ඔයා මට කිව්වේ බහින තැන මතක නැත්තම් කලර් ලයිට් ගණන් කරලා බහින්න කියලා..ඔයා දන්නේ නැතිව ඇති හැමදාම ගාණ වරද්දගෙන බහින් තැනින් උඩට හරි පහලට හරි පයින් ගියා කියලා..ඊට පස්සේ ඔයාගේ නුවණක්කාර අදහස ආදරෙන් පැත්තක තියලා මට හිතෙන තැනින් බහින්න පටන් ගත්තා.කොහොම වරද්ද ගත්තත් ඔයා ළග හිටියේ නැහැ අනුප්.
තනිවුණු වෙලාවලදි ඔයා කියපු කොළඹ ලස්සන හොයාගෙන වීදි පුරා හුගක් ඇවිද්දා...ලයනල් වෙන්ඩ් එක ජාතික පුස්තකාලය රාජකීය විද්‍යාලය මහජන පුස්තකාලය පුංචි තියටර් එක තර්ස්ටන් එක මිලාගිරිය ඉසිපතනේ උඩහ මුල්ල සත්‍යා පෝල් බීඑම්අයිසීඑච් බොරැල්ල කනත්ත ගුණසේන එක කොළඹ කැම්පස් එක තියෙන තැන් දැන් මට මතකයි...ඔයාගේ කොළඹ හරි සරලයි අනුප් මේ මිනිස්සු ඒක හුගක් සංකීර්ණ කරගෙන.
නියෝන් බල්බ් වල ලස්සන ගැන මට කිව්වේ ඔයාගේ වෙරිවුණු  කටහඩ... හුගක් වෙලාවට ඔයා මට ආදරය කලේ වෙරිවුණාම...ඔයාගෙ තනිකම උත්සන්න වුණෙ එතකොට ද මන්දා.. මතකද මේ එලි යට ඔයාගේ උරහිසට වාරුවෙලා ඇවිදපු හැටි .. එදත් මේ විදියටම මේ ගස්වල කොල සැලුණා.මේ නාගස් වල මුල් පොළවට බර වෙලා තිබුණා..මං මේ ගස් එක්ක අවුරුදු දෙකක් පරණ අපේ අතීතය ගැන කතා කරනවා..ඒක හරිම මිහිරි සංවේදනයක් අනුප්..මං ඔයාගේ කරේ එල්ලිලා ඇවිදපු ඒ පාරේ ඒ වෙලාවටම අලුතෙන් ගත්ත පොත් දෙකතුනත් තුරුල්ලේ තියාගෙන අපේ මතක පලස උඩින් පාවෙවී යනවා........




3 comments:

  1. මේ විදියට මෙහෙම කියන්නේ කෙල්ලෙක්.මේ කතාවම කොල්ලෙක් කිව්වොත්.... ලියල ඉවර නැති මගෙ කතාව අන්න ඒ වගේ.සුදු හංසි අක්ක බස් එකක දාල තිබුන ADD එකක් නිසා මේ පැත්තට ආවා.බලද්දී 2009 ඉඳං ලියනවනේ.
    ජය !

    ReplyDelete
  2. සුදු නංගි සහ සිහින
    ඔයාලා දෙන්නටම ස්තූතියි!!
    ලියන්න ලියන්න කතා දික්වෙනවා
    ඉවරකරන්න හිතෙන්නෙත් නැහැ වෙලාවකට
    නැද්ද සිහින?

    ReplyDelete