විඳින්න බැරි උණුහුමක් යට මගේ ප්‍රේමය වාෂ්ප වෙලා යනවා..... දුර
ඈත කදු සිය ගණනක් එහා නිම්නවල පැතුම් මල් පිපෙනවා... මට දැනෙනවා.... මීදුම වටටම
පැතිරෙද්දි සමිතාගේ සිංදුවක් මට ඇහෙන්න පටන් ගත්තා...මේ තරම් ලස්සනක් ජීවිතයේ තියෙනවද... ජීවිතයම නෙවෙයි වුණත් අනිවාර්ය ලස්සන
කාලයක් හැමෝටම ඇති..
‘‘සීතල ගෙනා පවනේ වෙලී
සේලේ පියා සලනවා....
සීත රෑක මධුසමේ මා ඔබේ වෙලා
ප්‍රේමණීය කල්පනා මා ළයේ මවා...
මා බද වටා එතෙනා ඔබේ
පහසේ නුරා නිවෙනවා....‘‘
ඇත්තටම මට ඕන නැහැ
නොපවතින මාව
පැවැත්ම කරගන්න.ඒත් හැමවෙලාවකම
ප්‍රාර්ථනාවකට බලාපොරොත්තුවකට එකතු
වෙන්නේ
නොපවතින දෙයක්නේ. ඔයා මට එහෙමයි!
මං අනාගත ආකහේ ප්‍රාර්ථනා
තරු අමුණනවා.
ඒ තරුවල උණුහුමට හිත පිච්චෙනවා....
මං පුච්චගන්නවා...ඒක පුදුමාකාර විදියට
බොඳවුණු වීර ක්‍රියාවක්....
අපි කාලයට මුහුණපාලා
හුස්ම ගන්නවා..අපිට අවශ්‍ය නැති මොහොතින් මොහොත ගෙවන්න සිද්ධ වෙලා..හරිම ඉවසීමෙන් මං ඔයාගේ
හුස්මෙ මාන බලනවා... ඒත් ඒ හුස්මෙ තියෙන්නේ හුස්ම ගැනීම පිටකිරීම නෙවෙයි....ඔයා සහ
මම කියන එක..මම ඇතුළු වෙද්දි ඔයා පිටවෙනවා..ඒ කියන්නේ මම මතක් වෙද්දි ඔයා අමතක
කරනවා...නැතිනම් ඔයාගේ හුස්ම ඇතුලේ මං ඔයාව මුණ ගැහෙන්න ගියොත් ඒක වෙන්නේ නැති
දෙයක් නිසා දැනෙන මරණිය වේදනාවෙන් මැරෙන්න ඔයා හිත හදාගන්න ඕන...
දන්නේ නැහැ..කවදහරි අමුණපු තරු එකින් එක කඩා වැටෙයිද කියලා.... ඒත් ඒ තරු දිලිසෙනවා බලා ගෙන ඉදිද්දි
දැනෙන නිවීම.....
පැවැත්ම කරගන්න.ඒත් හැමවෙලාවකම
ප්‍රාර්ථනාවකට බලාපොරොත්තුවකට එකතු වෙන්නේ
නොපවතින දෙයක්නේ. ඔයා මට එහෙමයි!
මං අනාගත ආකහේ ප්‍රාර්ථනා තරු අමුණනවා.
ඒ තරුවල උණුහුමට හිත පිච්චෙනවා....
මං පුච්චගන්නවා...ඒක පුදුමාකාර විදියට බොඳවුණු වීර ක්‍රියාවක්....
hmmmm....
ReplyDeletehm hm!
ReplyDelete