Thursday, September 29, 2011

මං සතුටින්...








මම ගියා අලුත් වේදිකා නාට්‍යක් බලන්න..ශ්‍යාත් එක්ක..කවදාවත් නැති විදයට රෑ මැද්දේ කොළඹ 7 පුරාම ඇවිද්දා..හැමදාමත් වගේ මුල් පහලට ඇදිලා තියෙන නුග ගස් දැක්කම ඇවිස්සෙනවා වගේ හැගීමක් දැනෙනවා..අපේ පැත්තට වඩා ලස්සනට දැන් කොළඹ 7ට හඳ පායනවා..කොයිතරම් තනිපංගලමේ ගියත් කිසි කෙනෙක් අපට කරදර කලේ නැහැ.තප්පර වෙවී ගිය ත්‍රීවිලර් එකක් විතරයි මුණ ගැහුණේ..ඒකත් අපේ ෆැන්ටසියට ඉඩ දීලා යන්න ගියා...


මම දවසක් රැ 7ට විතර ගෝල්‍ෆේස් එක ලගින් බස් එකක ගියා...මුහුදයි හඳයි ලියපු ප්‍රේම පුරාවත තවමත් නැවුම් උණුසුම අරන් අපේ හිත්වලට අවශෝෂණය වෙනවා....මෙතරම් කැළඹෙන මුහුද දිහා හඳ කොයිතරම් ශාන්තවද බලාගෙන ඉන්නෙ.. මුහුද ගැන දුක හිතෙන ගමන්ම හඳේ හිතුවක්කාර කම ගැන මට ආස හිතුණා..ඔයාගේ උරහිස යටට වෙලා ඒ හඳයි මුහුදයි දිහා නිවන් දකිනකම් බලාගෙන ඉන්න මට ඕන කියලා හිතුණා........ මං ශ්‍යා අක්කට කිව්වා අපි ගෝල්‍ෆේස් යං කියලා..ඒත් ඒ වෙලාවේ එයාගේ තාරා මණ්ඩලය නොකියන දුකකින් වාං දානවා මං දැක්කා....මං කතාව වෙනස් කරා...

ඒයි මුහුද මේ බලනවා
මං ඔහේ ඉස්සරහා හිටගෙන ඉන්නවා
ඔය දියරැල්ලක් තරම්වත් පලල නෑ මම
පේනවද ඔහේගේ දරදඩු සිතිවිලි වල සැරට
ම‍ගේ සමබරතාවය බිදෙන හැටි..
ඒයි මං ඔහේටයි කතා කරන්නේ
කිව්වේ බිදින්නයි කියලා
මට ඇහුම්කන් නොදී සිටිනා 
සන්සුන් ඉරියව්ව...


සමහර අය වයරිං කරගෙන...ඇහේ එකයි..දිවේ එකයි.. කනේ එකයි...එයාලා සර්කිට් වගේ... එහෙම ඉන්න එකත් හොදයි.. ඒගොල්ලො සතුටුවෙන්නේ මේ ලෝකෙ ඉදලා නෙවෙයි එයාලට තියෙනවා එයාලගෙම ලෝක..හැබැයි මං ඉතිං කොහොමද එයාලගෙ ලෝක වලට යන්නෙ...මම ඉන්නෙ මේ ලෝකේ....ඔයා වගේ ලෝකයම අරන් ප්‍රේමයේ සුසුම් වල පොවලා මගේ නළල මත තියන්න එයාලට පුලුවන්ද කියලා සැක හිතෙනකොට මං ආපහු  හැරෙනවා.      --- කොළඹ රැඩිකල් චරිත මත ප්‍රේමය හොයන්න එපා.සාමාන්‍ය කෙනෙක් හොයාගන්න ---..ඒත් කවුද සාමාන්‍ය මිනිස්සු...ඉස්සරහට යන්න බැරිව එක එක හේතු නිසා එක එක තැන්වල ස්ථාන ගතවෙලා ඉන්න අයද.....එහෙම නැත්තම් බුදුහාමුදු‍රුවෝ කිව්ව වගේ ලද දෙයින් සතුටු වෙලා ඉන්න අය ද... එත් එයාලට අවස්ථාවක් ආවොත් එයාලා ඒ අවස්ථාව ප්‍රයෝජන ගන්නවා නේද..දැන් වෙනස්වීමත් වෙනස් වෙනස් ‍විදියට වෙනස් වෙන්න පටන් අරන්.එකම දේ එක එක තැන්වල වෙනස් වෙනස් විදියට එක එක කාලෙදි ආයෙමත් ආයෙමත් සිද්ද වෙනවාද.ඔය අතර ප්‍රශ‍්නේ තියෙන්නේ ඉස්සරහට ගිය මිනිස්සු මඟහැරුණු දේවල් එහෙම නැත්තම් නවීන දේවල් ‍කරා ආපස්සට එන එක.



ආහ් තව දන්නවද....අපි වේදිකා නා‍ට්‍යක් හදන්න හදනවා..එකේ නම තමයි රාජ- ගිරිය..ප්‍රධාන නලුවයි නිලියයි - අපේ බෝ‍ඩිමේ ඇන්ටියි අන්කලුයි.අපේ ඇන්ටිට හොදට රගපාන්න පුලුවන්.. සම්බන්ධීකරණය අන්කල්ගෙන්..එයාට විතරයි ඇන්ටිගේ භාෂාව තේරෙන්නේ..ඔන්න දවසක්...
ඇන්ටිලගේ මුණුපුරොයි අහල ගෙදර මුණුබුරොයි බැඩ්මින්ටන් සෙල්ලමක..අහල ගෙදර ඇන්ටි ස්ලැබ් එකට නැගලා ඉණට අත තියාගෙන .

‘’ළමයි සද්දේ වැඩියි..සෙල්ලම නම් සද්ද අඩුවෙන්..’’

අපේ ඇන්ටි අපේ කාමරේ පැත්තේ දොර ඇරියා...ඇස් දෙක උඩ ඉන්දලා ස්ලැබ් ඇන්ටි දිහා බැලුවා...

පිනකට ඇන්ටි ලගින් ගිය මට ...

ඇන්ටි - ‘චන්ද්‍රිකා මැඩම් ඇවිල්ලා ‘
එයා කියලා ඔලොක්කුවට අතින් කට වහගත්තා.ස්ලැබ් ඇන්ටිගේ රැවිල්ල ආවෙ  බකස් ගාලා හිනා වුණ මට..
ඒත් එක්කම එතනට ආව අන්කල් කට ඇරන් ස්ලැබ් එක දිහා බලාගෙන ඉන්නවා...

ඇන්ටි -- ‘මෙහෙට එනවා..’
අන්කල්-- ‘ඇයි මොකද’
ඇන්ටි -- ‘කොහෙද ඔය බලාගෙන ඉන්නෙ..’
අන්කල්-- ‘මං කොහෙවත් බලාගෙන හිටිය යැ’
ඇන්ටි -- ‘මගේ ඇගේ හැප්පෙන් නැතුව අන්න අරෙහෙට යනවා..ආ..කෑම එක අරන් යනවා...’

අන්කල් ඇන්ටිව අරන් ඇවිල්ලා තියෙන්නේ බදින්නෙත් නැතිව...කොයිතරම් ආදරෙන් ඉන්න ඇතිද... ආදරේ කරන කාලේ දකින්න වුණත් කොච්චර ආසද...ඒත් දැන් ඇගේ ගෑවෙන්න එපා කියලා බනින්නෙත් බොරුවටම තමයි..දැන් දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා..එක්කෙනෙක් ජර්මනි..අනිත් දෙන්නා මෙහෙම හොදින් ඉන්නවා...

අපේ බෝඩිමේ..සචීයි රේණුයි ශ්‍යායි මමයි අපේ නාට්‍යයේ සහය නලු නිලියෝ..ඔන්න දැන් අපිත් එහෙනම් නිලියෝ වෙන්නයි යන්නේ... අපේ කතාවෙ තේමාව අහල පහල...
.පුංචි පුංචි හිස්තැන් වලට පැලැස්තර අලවන්න ප්‍රමෝදයක් දැනෙන්නේ නැහැ...

මේ දවස්වල අපි සචීගේ වෙඩින් එකට යන්න නැටුම් පුරුදු වෙනවා..අපි ගානේ නොමිලේ නැටුම් ජවනිකාවක්...සචීට අපිට බෑ කියන්න බැරි හින්දා අපිට ලැබුණු විශාල අවස්ථාවක් මේක...ඒ නිසා අපි හිතුවා නැටුම පුරුදු වෙලා වෙඩින් එක දවසේ නොනටා ඉන්න.කොහොමත් ඉතිං අපි සච්චගේ යාලුවෝ විදියට එයාට හොද අනාගතයට ඉඩ දෙන්න එපැයි නේද..මං ඒ නැටුම් පන්තියට දිගටම ගියේ නැහැ.. . ශ්‍යානම් සෙනසුරාදයි ඉරිදයි දෙකේම ගිහිං හුගක් පුරුදුවෙලා එනවා..ඒ සර් ඒවට ගෙවන්න කියන්නේ නැහැ. ඒ පන්තියේ නැටුම් සර් හරි හොදයි.එයා උසයි.ලතින් ඇමරිකන් ෂූස් දෙක දැම්මම තවත් 
උසයි...හැබැයි එයාට තියෙන එකම ප්‍රශ්නෙ බෝඩිමේ පාට්නර් කෙනෙකුයි ඉඩයි නැති‍එක..ඒත් ඒවත් ප්‍රශ්නද..මම පාට්නර් වුණා.පොඩි ප්‍රශ්නෙකට තියෙන්නේ මම එයාට වඩා කොට එක..ඒත් අපි දැනං හිටියා ඕනම සිදුවීමක අසීරු අවස්ථාවට සූදානම් වුණාව ඉතිරි ඒවා තරණය කරන ‍එක ‍ලේසි බව.බෝඩිමේ ඇදන් එක පිට එක දැම්මා..දැන් හොදට ඉඩ තියෙනවා..මේ සද්ද බද්ද දිහා අපේ ජනෙල් තිර අස්සෙන් හොරෙන් බලලම ඇන්ටි දැන් බලන් නැතිවම දන්නවා මේ සද්ද වලින් එයාට කිසි කරදරයක් නැහැ කියලා...



මේ පැතිරුණු ආධ්‍යාත්මය ඇතුලේ මට ප්‍රේමණිය 

පිණිබින්දුවක් වෙන්න ලැබීමම 

චමත්කාරජනක සෞන්දර්යයක් 

ප්‍රභාෂ්වර...................................... 

Monday, September 26, 2011

අපේ ආදර කතාව.



තනිකම..හරිම සුන්දර වචනයක්...තනිකම ඇතුලේ කොයිතරම් නම් විවන්න පුලුවන්ද......ඔයා වෙනුවෙන් විවීමම කොයිතරම් සුන්දරද... මේ නියෝන් බල්බ් වලට මගේ හ අයිති වෙයි කියලා මට හිතුණේ නැහැ අසිහියෙන් ඉද්දිවත්....
-අපේ ආදර කතාව.-..කවරයම පැටලිල්ලක් වගේ තියෙන පොතක් දැක්කා මම.. මේ පොත මාව පැහැර ගත්තා.තාමත් ඔයා මාව බේරගන්න එයි කියලා මං  මග බලාගෙන ඉන්නවා...

“පාරිශුද්ධ චමත්තකාරයට මෛත්‍රී කරගෙන
හඳ එළිය වැඩම කරනවා මගේ කාමරයට.
මට ඔයාව මතක් වෙනවා.
මට පුලුවන් නම් මැරිච්ච තරුවක් වෙලා
ඔය හඳ ළඟින් කඩා වැටෙන්න.
ඔයා හරිම තියුණුයි.
හැඟීම් දනවන සුලුයි.
පුදුමාකාර තරම් මුවහත්. ගෑණු පරාණ
ඔයාට මැරෙන්න හදන්නේ ඒ හින්දමයි.
ඔයා ඒකෙන් ප්‍රයෝජන ගන්නවා
මදියි කියලා මට හිතෙනවා.
මගේ ජීවිතයට ඔයාගේ ප්‍රේමයේ අණසක පැතිරිලා.
මාව මට ම පාලනය කර ගන්න බැරි තරමට ඇවිස්සිලා.
ඔයා මාව අවුස්සලා.
සන්සුන්-නොසන්සුන් හැම පීඩාකාරී
උණුසුමකට ම මම කැමතියි.
මම කැමතියි ඒ උණුසුම
මගේ ශරීරය ඇතුළෙ මුදාහරිනවට. ”

-          සන්නස්ගල.අපේ ආදර කතාව.

Wednesday, September 21, 2011

බන්සි


බන්සි හැඩකාර පූසි.කොළ පාට ඇස් උඩින් නලල දෙපැත්තට විහිදෙන කළු ඉරිදෙකේ හැඩ අබූගේ ගෙදර සාලෙ තියෙන අතෙන් තට්ටුවක් දැම්මම රූප පේන්න ගන්න පෙට්ටියේ පාට ගාපු එක කෙල්ලෙකුගේ මූණකවත් නෑ කියලයි බූට හිතුණේ.

බන්සි ආසම නැහැ පොලිස් කොට්ටෝරුවා දකින්නවත්.අහම්බෙකින් හරි පොලිස් කොට්ටෝරුවාගේ කකුල් දෙක බන්සි ළගින් ගියොත් ඌට පයින් ගහනවා ඇළ ළගටම විසි‍ෙවන්න.ඒ නිසා පොලිස් කොට්ටෝරුවා දැක්ක ගමන් බන්සි පුරු පුරු ගාලා මුල්ලකට ගුලි වෙනවා.ඒ වගේ වෙලාවට අබූ බන්සිව තුරුලට ගන්නවා.බන්සිට ඉවසන්න බැරි අබූ ඌව හපන එක තමයි. ාව්...එතකොට බන්සි කෑ ගහනවා.අබූගේ කට පුරා  බන්සිගේ සුදු පාට ලොම්.

අබූ අතේ තිබුණු දත දිහා බැලුවා.ඒක හ එළියට දිළිසෙනවා.අබූ ඒක දිහා බලලා අහස දිහා බැලුවා.කලු අහසෙත් සුදු පාටට දිලිසෙන්නෙ දත් වෙන්නැති.එහෙනම් පිච්චි ඇයි ඒවට තරු කියන්නේ.

“අබූ.. අපි දත අහසට විසි කරලා බලමුද?” මන්තර බන්සි අබූගේ හිත කියවලා.අබූ බන්සි දිහා බලලා මනමාල හිනාවක් දැම්මා.බන්සි දත ගාවට ගිහින් මන්තරයක් ජප කරා.හැබැයි බන්සි ගාව මන්තර කොස්සක් නම් තිබුණෙ නැහැ.
“ඔහොම ගිහිං ...මෙහෙම ගිහිං...වරෙං..වරෙං...දිලිසෙන..සුදුපාට..කිට්ටු..කෙට්ටු... ” බන්සි මායම් වෙලා මතුරනවා.අබූ‍ට බන්සි කියන වචන පැහැදිලිත් නෑ.බන්සිගේ දැගලිල්ල අඩුවුණා.සද්දෙත් නැවතුණා.

අබූ පුලුවන්තරම් හයිය දාලා දත අහසට විසිකරා.දෙන්නම දත ගිය දිහා තමයි බලා හිටියේ.ඒත් ඒක කොහද ගියේ.දෙන්නම හිතුවේ සුදු දත දිලිසි දිලිසි රොකට් එකක් වගේ ගිහින් කලු අහසේ  එල්ලෙයි කියලනේ.පාරෙ ලයිට් කණුවෙ එළියත් මදි.අබූ කෙසේ වෙතත් බන්සිගේ කොළ පාට ඇස් දෙකටවත් පෙනුනේ නෑනේ ඇත්තට.බන්සිට හුගක් දුකයි.දුක වැඩි වුණ දවස්වලට බන්සි රෑ මැද්දේ හීනෙන් අඬනවා.බන්සිගේ මන්තරේ වැරදුණාට බන්සිට දුකයි.

බූ තාමත් සින්දු කිය කිය නානවා.එයාට නම් මොකද.



තමන්ගේ දෙයක් නැති වුණාම පුංචි  ළමයි අඬන හැටි බන්සි දැකලා තියෙනවා.ඒත් අබූ තාමත් කළුවර දිහා බලාගෙන ඉන්නවා.බන්සිට තදින්ම උවමනායි මේ කළුවර මැද්දෙන් අබූට මොනවහරි ගෙනත් දෙන්න.බන්සිගේ දීප්තිමත් ඇස්‍ දෙකේ එළිය තරුත් දැක්කා.කළුපාට අහසේ සුදුපාට වළා පටලයකින් වටවුණු තරුවක් හරිම වේගයෙන් අබුයි බන්සියි දිහාට ඇදිලා ආවා.පුදුමයි.බන්සිත් ඒ දිහාට ඇදිලා ගියා.අබූ බලාගෙන හිටියා කළුවර දිහා බලාගෙන හිටිය විදියටම.බන්සි ටික ටික සුදු පාට වළාකුලෙන් වැහෙන්න පටන් ගත්තා.දිය ඇල්ලක් වගේ ඒ වළාව ඇදෙන්න පටන් ගත්තා.එතකොට ඒ ඇස් දෙක මතු වුණා.බන්සි ගෑණු ළමයෙක්.සුදුම සුදු හිම පාටට පුළුන් වගේ පිම්බුණු ගවුමක් ඇදගෙන දිලිසෙන ඇස් වලින් බන්සි අබූ දිහා බලාගෙන හිටියා.ඇහැ උඩින් නළල දෙපැත්තට විහිදුන ඉර බන්සිව සුරංගනාවියක් කරවලා.අබූ‍ට හුරේ දාන්න තරම් සතුටුයි.

“පි....... ”අබූ හුස්ම උඩට ඇද්දා.ඇස් දෙක ලොකුවෙලා.කටත් ඇරිලා.පපුව කෙලින් වෙලා පොලිස් කොට්ටෝරුවටත් නැති තරමටම.

බන්සිගේ හිම සුදු පාට ඇගිලි තුඩු අබූ දැක්කේ එතකොට.අබූ කන්න ආසම රතුපාට  ලොසින්ජර වගේ බන්සිගේ තොල් උඩින් ඇගිල්ල තියාගෙන අබූට කෑ ගහන්න එපා කිව්වා!


මෙහි චරිත ව්‍යාධිදේවගේ නිර්මාණයන්ය
බන්සීද බූද අබූ ද පිච්චීද ඔහු‍ගේය
කතාව මගේ ;)




ප්‍රේමණීය කොළඹ....



කොහෙන් ලියන්න පටන් ගන්නද...කොහොම කියන්නද...ඒක සියල්ලෝම සතුටින් විසිර ගිය එකමත් එක කතාවක් වුණානම් ලස්සනට ලියන්න තිබුණා...ජීවිතේ කතාවක් වුණානම් ඒකේ රගපෑවා විතරයි කියලා හිත හදා ගන්න තිබුණා..මගේ ජීවිතේ කතාන්දරයක් කරගන්න උවමනා වුනානම් මට රගපාන්න තිබුණා.එහෙනම් අවසානයේ රිදිල්ලක් තුවාලයක් ඉතිරිවෙන්නේ නැහැ.ඔයාට ආදරේ කරලා වීරචරිතයක් වෙන්න උත්සහ කරෙත් නැහැ.. උල් පිහියකින් අනිනවා වගේ දැනෙන ඔයාගේ සෘජු සිතිවිලි මගේ ප්‍රේමය ජය අරන් තිබුණා..ඔයාගේ හිතුවක්කාරකම් මාව උමතු කරවලා තිබුණා. උමතුවේ මිරිකෙමින් හිටියත්  මට දැනෙන දේවල් ප්‍රකාශ කරන්න මං දැනන් හිටියේ නැහැ.ඒ හිස්කම මාව ඔයාගෙන් විස්තාපනය කලා අනුප්.. ගෙවල් වල සීරුවට හදලා කාන්තා නේවාසිකාගාරෙ පරිස්සමට තියලා හදපු  මං ඔයාගේ විෂම ලෝකේ ගැන මොනවා කියන්නද...ඔයා ගැන ලියන එක හිතන එක ගින්නක් අනුප්...ඒත් මං කැමතියි පිච්චෙන්න.....
එක එක හැඩේට හැරෙන හැම පාරක් අයිනෙම හිටවලා තියෙන කලර් ලයිට් දන්නවා බස් හෝල්ට් එකෙන් හෝල්ට් එකට ඔයාගේ නම මිමිණුව හැටි.ඔයා මට කිව්වේ බහින තැන මතක නැත්තම් කලර් ලයිට් ගණන් කරලා බහින්න කියලා..ඔයා දන්නේ නැතිව ඇති හැමදාම ගාණ වරද්දගෙන බහින් තැනින් උඩට හරි පහලට හරි පයින් ගියා කියලා..ඊට පස්සේ ඔයාගේ නුවණක්කාර අදහස ආදරෙන් පැත්තක තියලා මට හිතෙන තැනින් බහින්න පටන් ගත්තා.කොහොම වරද්ද ගත්තත් ඔයා ළග හිටියේ නැහැ අනුප්.
තනිවුණු වෙලාවලදි ඔයා කියපු කොළඹ ලස්සන හොයාගෙන වීදි පුරා හුගක් ඇවිද්දා...ලයනල් වෙන්ඩ් එක ජාතික පුස්තකාලය රාජකීය විද්‍යාලය මහජන පුස්තකාලය පුංචි තියටර් එක තර්ස්ටන් එක මිලාගිරිය ඉසිපතනේ උඩහ මුල්ල සත්‍යා පෝල් බීඑම්අයිසීඑච් බොරැල්ල කනත්ත ගුණසේන එක කොළඹ කැම්පස් එක තියෙන තැන් දැන් මට මතකයි...ඔයාගේ කොළඹ හරි සරලයි අනුප් මේ මිනිස්සු ඒක හුගක් සංකීර්ණ කරගෙන.
නියෝන් බල්බ් වල ලස්සන ගැන මට කිව්වේ ඔයාගේ වෙරිවුණු  කටහඩ... හුගක් වෙලාවට ඔයා මට ආදරය කලේ වෙරිවුණාම...ඔයාගෙ තනිකම උත්සන්න වුණෙ එතකොට ද මන්දා.. මතකද මේ එලි යට ඔයාගේ උරහිසට වාරුවෙලා ඇවිදපු හැටි .. එදත් මේ විදියටම මේ ගස්වල කොල සැලුණා.මේ නාගස් වල මුල් පොළවට බර වෙලා තිබුණා..මං මේ ගස් එක්ක අවුරුදු දෙකක් පරණ අපේ අතීතය ගැන කතා කරනවා..ඒක හරිම මිහිරි සංවේදනයක් අනුප්..මං ඔයාගේ කරේ එල්ලිලා ඇවිදපු ඒ පාරේ ඒ වෙලාවටම අලුතෙන් ගත්ත පොත් දෙකතුනත් තුරුල්ලේ තියාගෙන අපේ මතක පලස උඩින් පාවෙවී යනවා........




Monday, September 5, 2011

නුඹ හඬන්න මගේ ළඟට වී සත්තමයි ආදරේ කරන්න බැහැ මට....


නුඹ බොහෝ හැඬුවාය.සැබැවින්ම මා මතක් නොවී නොතිබෙන්නා සේම කුලද නුඹ ළගම රැදිණි.අන් අයගේ දෑස් මහැර මිහිතලයට යාඥා කරමින් කාර්යාල වැඩෙහි යෙදුණාය.පැහැදිලි කරගැනීමට බොහෝ දේ තිබුණද සීතලද උණුසුම්ද කියා ගත නොහැකි හදවතක් සියල්ල අවුරා සිටියේය.නුඹට මා සම කතා කල හැකි නොවිණි.ඒ මා නුඹ සම කතා නොකළ නිසාය.නුඹට දුක් වීමටත් ඉස්පාසුවක් නැති බව දනිමි.අලුත් කාර්යාලයේ වැඩ අධිකය.හිත හැඬූ කඳුලු ඔය උගුරේ හිරවී තිබෙනවා නිසැකය.

හෙලෝ.. විසල් ඔයා‍ට කොහොමද

ඈ මීට පෙර අමතා නොතිබූ දුරකතන අංකයකින් මා අමතා තිබුණි.දැන සිටියේ නම් ඇමතුම මඟහැර ඉන්නට තිබිණි.දැන් කල හැක්කක් නොමැති නිසා මා බෙහෙවින් නිශ්ශබ්දය.

“ඇයි ඔයා කතා කරන්නේ නැත්තේ? මිනිස්සු කොහොමද මෙහෙම වෙනස් වෙන්නේ?මට එකපාරක් ඔයාව දකින්න ඕනේ ප්ලීස්..”

“බෑ”
“ප්ලීස්. ප්ලීස්. ප්ලීස්.”
ඈ කියාගෙන ගිය නුමුදු මම ඇමතුම විසන්ධි කළෙමි.

ඇය මට මෙතරම් ආදරේ කරන්නේ මන්දැයි මම නොදනිමි.ඇයට ආදරය කරන කාලයේදි  හැඟීම් සන්තර්පණය කරගත්තා හැරෙන්නට සැබෑවටම ආදරය කළාදැයි මට වැටහීමක් නැත.එය වටහාගැනීමට මා හට උවමනාවක්ද නැත.


මා හොඳටම මහන්සි වී සිටි කාලකණ්නි හවසක නොහිතූ විරූ ලෙස ඇය මා සොයා ‍ආවාය.
“ඔයා ආවෙ වැරදි දවසක”
“කාලයක් මිම්මක් නැතිව මට ඔයාව හොයගෙන එන්න සිද්ධ වුණා”
“කරන්න දෙයක් නැහැ.මම ඉන්නේ වැඩක..ඔයා යන්න”
“අද ගියොත් ඔයාව ආයෙත් මුණගැහෙන්න බැරි වෙනවා.ඔයා කතා කරන්නෙවත් නැහැ..මම යන්නේ නෑමයි”
“ඔයා දැන් කිව්වම අහලා යන්න.මම කතා කරන්නම්”

මේ ගෙන්දගම් පොළවේ පාරක් තොටක් නොදන්නා ඈ අඳුර මැදින් දිව යන තුරු බලා සිටියෙමි. නොපෙනෙන ඈ අමතක කරමින් මගේ සුරංගනාවිය මා ඉදිරියට ඇදෙනු මා දුටුවෙමි.මම ක්ෂණයකින් සිනහවකින් මුව සරසාගෙන ඇයව පිළිගෙන නාට්‍ය උළෙල වෙත කැඳවාගෙන ගියෙමි.
රාත්‍රිය නිමාවී ගියත් පසුදා පහන් වුවත් හැමදා එසේම වුවත් මම සස්යාට පොරොන්දු වූ දුරකථන ඇමතුම නොගත්තෙමි.නමුත් ඇය මගේ මතකය හා පොරබඳිමින් සිටියාය.ඈ මා සතු වීමට පෙර මා වෙත ලියූ ලිපියක් අතට ගත්තෙමි.

බොරුනේ කියන්නේ ආදරේ නම් කෝ...?එහි ඉහලින්ම ලියා තිබිණී.එකල අපි මිතුරන් වී සිටියෙමු.නමුත් දොලොස් වෙනි ම‍ාසේ අන්තිම රැය පහන් වෙද්දී ආදරය කරන බව පවසා තිබුණෙමි.ඇයත් මට ආදරය කරන බවට ඇය ලියූ කවි වලින්ම පහර දෙමින් තර්ක කලෙමි.නමුත් ඇය මට ඒ වන විටත් ආදරය නොකරන බව පවසා තිබිණි.කෙසේ හෝ මා සංවිධානය කරන ලද දෙවන නාට්‍ය උලෙළ සඳහා මා පිටත්වන මොහොතකට පෙර ඇයට ඇමතුමක් ගතිමි.සස්යාටත් පෙර මා ආදරය කර ලීසාට ගෙදරින් පිටවන හැම මොහොතකම ආචාර කොට සමුගෙන යෑම පුරුද්දක් විය.ඈ අවුරුද්දකට පමණ පෙර මා හට අහිමි වූවාය.ඈ අහිමි වීමෙන් පසු මා මගෙන් ජීවිතය බේරාගත්තේ බොහොමත්ම අමාරුවෙනි.දැන් තවදුරටත් ලීසාට අචාර කොට සස්යාට කතා කිරීමට පටන් ගත්තෙමි.සැබවින්ම සස්යාට ලීසාගේ මතකයන් අමතක කරවවීමේ හැකියාවක් තිබූ නිසා මා ඇයට ආදරය කරන බව ත‍රයේ විශ්වාස කළෙමි.‍ සස්යා අමතක කරවීමට ද තවත් කෙනෙකුට හැකියාවක් ඇති බව මම දැන සිටියෙමි.ඒ මගේ කොට කොණ්ඩ කාරියටය.නමුත් එතෙක් මට ඈ හමු නොවූවාය.මගේ සිහි‍නයේ පමණක් ජීවත් වූවාය.තවද ලීසාගේ ඇඳුම් තෙතබරිත වී දඟකාරකමට සිනාසෙමින් සිටින විටක ගත් පින්තූරයක් බිත්ති පුරා ලියවුණු සියලු කවි අතර රාමුකොට මේසය මත තිබුණි.සස්යා එම පින්තූරය දුටුවද කිසිවක් නොකීවාය.ඇයගේ ඊර්ෂ්‍යාව කාන්දුවන්නට දුන්නොත් සොරොව් බිඳදමා මහා විනාශයක් කරන්නට ඉඩ ඇති බව තේරුම්‍ ගෙන මගේ රාගය අවබෝධ කොටගත් බවක් පෙන්වා නිහඬව සිටියාය.
සස්යාට කතා කොට නාට්‍ය උලෙළ සඳහා යන බව පැවසුවෙමි.ඇය මට ඉත සිතින් සුභ පැතුවාය.

“නුඹ සයුරක් නම් ඒ දියේ නැලවෙන්නට දිය බිඳක් වන්නම්” එය ඇසූ විට මට මහත් පිළිකුලක් දැනිණි.

“මොනවද මේ කියන්නේ හරිනම් කියන්න ඕනේ ‚සයුරක් කපා ඇදෙන නෞකාවක් වන්නට දිරියක් දෙන්නම් වගේ දෙයක්නේ.පිස්සු කියවනවා.”

ඈ සැලි සැලී නොදොඩා සිටියාය.මා ඇමතුම විසන්ධි කළෙමි.
නමුත් ඈ ඉහත කවිය සම්පූර්ණ ‍කර මට කෙටි පණිවිඩයක් එව්වාය.ඒ අනුව මගේ මුල් වැටහීම වැරදි විය. ඈ මට පවසා තිබුණේ මට සාගරයක් වීමට අවශ්‍ය නම් ඈ එහි දිය බිඳක් වීමටද සූදානම් බවය.මට මා ගැන ලජ්ජා සිතුනු තරමටත් වඩා අහිංසකී ගැන දුක සිතිණි.

නුඹ සයුරක් නම්
ඒ සයුරේ රැල්ලක් වී
නැලවෙන්නට මං
දිය බින්ඳක් වෙන්නම්..

නුඹ ඉරක් නම්
ඒ හිරුගේ ගින්නක් වී
එළිය ගෙනෙන්නට මං
හිරු කිරණක් වෙන්නම්..

නුඹ මල් කිණිත්තක් නම්
ඒ කිනිතේ මලක් වී
දිරිය දෙන්නට මං
හැමදාමත් සුපිපෙන්නම්...

මා හා කතාවෙන් වික්ෂිප්ත වූ ඈ දිනපොතේ ලියූ සටහනක් පසුදිනෙක තැපැල්‍ කොට මට එව්වාය.මාගේ සමහර වචන ගැන ඈ දින ගණන් කල්පනා කළාය.තේරුම් ගැනීමට උත්සාහ ගත්තාය.ඈ සමඟ මෙන් වචන මිලියන ගණනක් වෙනත් කිසිවකු සමඟ මම කතා කොට නැත්තෙමි.නමුත් ඇය මා අවබෝධ කොට‍ නොගත්තා මෙන්ම අවබෝධ කොට ගත්තේ වමාවර්තවය.මගේ දෑස් නැවතත් ලියමනේ අකුරු සෙව්වේය.

ආදරෙයි...??
කෝ කව්ද මට?
කවද්ද?
නෑනේ මට දැනෙන්නේ..

ආදරෙයි..
ඔහොම කියලා දෙන්නෙපා මට
බලාපොරොත්තු...

ආදරේ වචනවල තිබුණට
හිතේ තිබුණට
දැනෙන්නෙ නැහැ
නුදුන්නහම..

එහෙම කියලා දවසක් මං ඔයත් එක්ක කතා කලා.එතකොට මං පිළිඅරගෙන ඉවරයි මම ඔයාට ආදරය කරන බව.ඒත් මං එහෙම කියලා හුරතල් වෙද්දි ඔයා මට කිව්වේ ආදරය කරාට සස්යා මං ඔයාට ප්‍රේම කරන්නේ නැහැ කියලා. මං හිරිවැටුණා.

ජිවිතේ ඇයි මේ තරම් මට රිද්දන්නේ විසල්.ඉවසන්න අමාරුයි.මම කොහේද මේ පැටලෙන්නේ..අපහැදිලි අඳුරක..ආදරෙයි ඒත් ප්‍රේම කරන්නේ නැහැ.ප්‍රේම කරත් බඳින්න බැහැ කියනවා.ඒක හරි නොබැඳ එකට ඉන්න පුලුවන්.එතනදි අපිව බලෙන් එකිනෙකාට නීතිමය විදිහට බැඳිලා නැති නිසා හදවතින් තමයි බැඳිලා තියෙන්නේ.මට ඔයා ඉන්නවනම් ඕනම සීමාවක් තරණය කරන්න එකඟ වෙන්න පුලුවන්.ඒත් දෙවියනේ මේ සමාජය ගැහැණියකට ගෞරවයක් දෙන්නේ සංස්කෘතික සාරධර්මත් එක්ක.එතකොට ඒ කතාව යථාර්තවාදී වීමත් එක්ක ප්‍රශ්නයක් මතුවෙනවා නේද..
ඒ නිසා එහෙම කරන්න එපා රත්තරං..ප්‍රේමයක් බැඳීමක් ඔයා දෙන්නේ නැත්තම් මං බලෙන් ගන්නේ නැහැ.මේ මෝඩ මට විසඳගන්න් බැරිව ඔයාට කරපු ආදරේ අතහැර ගන්න බැරිව විඳවනවා මම.මට බයයි ඔයාට පව්‍ පිරෙයි කියලා..මේ හැමදෙයක්ම ඔයාටයි කියන්න ඕන.එත් ඔයා දවස් ගාණකින් අදයි මට කතා කරේ.එත් විනාඩි කීපයක් විතරයි.කතා නොකර කෙටි පණිවිඩයකින්‍ කොහොමද ඔය‍ා මට ආදරෙයි කියන්නේ.වචන වලට හැරෙන්නේ හැඟීම්ලු.එහෙම කියලා ඔයා දිනනවා.ඒත් මට රිදෙනවා.මෙහෙම රිද්දන්න මට කතා කරන්න එපා කියන්නත් මට ලෝභ හිතෙන හැටි පුදුමයි.
හැම ලස්සන උදේකම රෑකම පුංචි මලක් පිරුණු හඳක් දැක්කම මං ප්‍රාර්ථනා කරේ මගේ ජිවිතෙත් ලස්සන සම්පූර්ණ එකක් වෙන්න කියලා.
ඒත් දැන් ලස්සන බලන්නවත් පුරවන්නවත් ජිවිතයක් නෑ මා ළඟ.මං ගෙවන්නෙ කරපු පවක් වත්ද කියලත් මගේ පිස්සු හිතට හිතෙනවා.

ඉස්කෝලෙ යන කාලේ
පොත්වලට පෙම් බැඳලා
අධ්‍යාපනයට
චපල කම් කරන්න බැරි හින්දා
ආදරේ කරපු හිත් වලට
ගිනි තිබ්වා.

මගේ ජිවන අවකාශයෙත් හයිඩුජන් විතරයි තියෙන්නේ.හිතට ගිනි තිය‍ාගෙන මටත් මැරෙන්නයි හිතෙන්නේ.ඒත් ඉපදෙන එකවත් මැරෙන එකවත් මට තිරණය කරන්න අයිතියක් නැහැයි කියන පව් පින් රාමුව ඇතුලේ මම හදිසියේම කොටුවෙනවා.ඒ රාමුව බිඳින්න කොහොමත් හයියක් නැහැ.පුංචි කාලේ ලේ කිරි කරලා දහඩිය වගුරලා හදපු ඒ අහිංසක හිත්‍ දෙකට දුකක් කෝමද දෙන්නේ..මට එල්ලෙන්න පිදුරු ගහක් වත් නැති හැටි.ඇත්තටම එපා ඔයාගේ අසම්පූර්ණ ආදරය මට..මං විඳවනවා ඔය ගල් හිත් ඉස්සරහා..ඔයා අම්මටත් දුක් දෙන්න එපා..එයාව බලන්න යන්න..ඔයාගේ අම්මත් ඔයාව දාලා ගිය දවසට දෙව්දත්ත වගේ අඬන්න වෙයි.මහා දරදඬු මිනිහෙකුගේ දෑත් මත්තේ මගේ හිත ‍හිරවෙලා..ඔයාට නොදැනෙන තරමටම දැනී දැනී මං විඳවනවා..මේ මිරිඟු ආදරේ මායාව හොඳටම ඇති...

ඔය හිත් ගැබ
ගැඹුරුද ඔතරම්
මා දවන තරම්
මසිත පවන් රොදකට වුව
සැලෙන තරම්
නුඹ නොදනී මා හඬන තරම්..
--------------------

සැබවින්ම සස්යා මීට අවුරුද්දකට පෙර අහිමිව තිබු ප්‍රේමයේ වේදනාව අමතක කෙරෙව්වාය.ඉතින් මා ඇයට ආදරය කල යුතු නොවේද...
හුදෙක් උදෙන්ම නැගිටින මා දවස පුරා දුව ඇවිද රාත්‍රිය පහන් වී එනතුරුත් මා ගැන අවධානයෙන් සිටියාය.මගේ වැඩවලදී සියදහස්වර සුභ  පැතුවාය.මෙය යනුත් ප්‍රේමයදැයි මම නොදනිමි.නමුත් එය විශාල විභවයකින් යුතු එක් එක් ශරීර එකක් මත දිය කල  හැකි තරම් වූ බව දනිමි.මා හට ප්‍රේමය නම් එම විභවයෙන්ම ඇවැසි වී තිබුණි. නමුත් මා හට එය නොලැබුණි.

“සරාගී සිහිනයක සදා මුවා වී
ඉකිබිදිනවා කලුවරේ
කඳුලු කැට කඩා වැටෙනවා
හිතේ ඇති තෙරපුම මඟ ඇරෙන්න
නුඹ හඬන්න
මගේ ළඟට වී
සත්තමයි ආදරේ කරන්න බැහැ මට”

ඒ නිසා මා ඇයට පැවසුයේ මා ඇයට ආලය කරන බැව් පමණි.දැන් මා ඇයට කල ආදරයද මට නොදැනෙන්නේය.මා මත්පැන් බීමට බෙහෙවින් ඇබ්බැහි වී සිටියෙමි.බොහෝ විට මා ඈ හා දීර්ඝ කතා වලට පැටලුනේ මත්පැන් බී සිටින විටය.එවිට මම මා නොවීමි.

නුඹේ හිත කීරි ගැහීගැහී පාර පාර රිද්දන ඔබගේ  ප්‍රේමය කිසිදා නිවෙනු නැත.නුඹේ ප්‍රේමය මා විසින් අභිනිෂ්ක්‍රමණය කොට තිබුණ ද නුඹ ඒ දියේ තවමත් කිමිදෙමින් ගිලෙමින් යලි ගොඩ එමින් සිටියාය.මගේ සුසුම හුනා ගත් දා පටන් නුඹ මට ප්‍රේම කළාය.නුඹ කප්පරක් උසට ගොඩගසා සිටි පැතුම් මා රුකුල් දුන් ඒවා නොවේ.අවශේෂ වශයෙන් මා කිසියම් වුත් පොරොන්දුවක් හෝ කෘතඥතා පූර්වක ත්‍යාගයක් හෝ නුඹට ලබාදි නොමැත.මා අයාලේ කියව කියවා විව විවා යන විට නුඹ මා පසු පස වැටුණු පැපරාසිනියකි.මගේ සෑම නිර්මාණයක් පසු පසම හඹාවිත් හීන මායාවක් ගොඩනගා ගත් හිගන්නියකි.නමුත් කිසි දිනෙක නුඹ මට කේවල් කර නොමැත.මේ ජීවිතය මට තිත්තව තිබුණි.සමහරවිට වෙනසක් කළ හැකි අයෙක් මට ඇවැසිව තිබුණි.නුඹ මා තුරුලේ උණුහුම් වූ මලක් පමණි.නුඹට මා අත්හැරුණු සැටි ගැන නුඹ අදටත් දුක්වන බව දනිමි.අත්හැරීම නුඹට පසක් කර ගැනීමට අපහසු වන සත්‍යක් වනු ඇත.අදහාගත නොහැකි කමින් අතරමං වන බව දනිමි.නුඹට මා අපරිමාණය.එය අතිශෝක්තියක් ද නොවේ.මේසා සියල්ල මා උගනීමෙන් නුඹ මා තුල මොට වී යනු ඇත.ඒ මිනිස් ස්වභාවයය.

විසල් මට ඔයා එක්ක කතා කරන්න ඕන

“මං වැඩක..තව ටිකකින් ගන්න”
මා වැඩෙහි යෙදෙන වේලාවල් තිබුණද මීට පෙර මා ඇය ඇමතුවෙමි.දැන් මා හට ඈ මඟ හැරීමට අවශ්‍ය වී ඇත.

“ඔයාට කතා කරන්න පුලුවනිද”
“කියන දෙයක් ඉක්මණට කියන්න”

එවිටම මගේ සුරංගනාවිය මා ඇමතුවාය.මා ඇයගේ ඇමතුම ගත යුතුව තිබුණි.

“මට කෝල් එකක් එනවා.මට ඒක ගන්න ඕන”

“විසල් ඒ ඔයාගේ යාලුවා නේද..අනේ ඔහොම ඉන්න‍”

“එයාගේ ආමන්ත්‍රණයම මාරයි.අපි හිතන්නෙවත් නැති පැති වලින් එයා හිතනවා.අවුරුදු ගාණක් පිටරට ඉගෙන ගෙන ගොඩක්  හොඳ අධ්‍යාපනයක් තියෙන කෙනෙක්.”

“විසල්‍....”

මා ඇමතුම විසන්ධි කලෙමි.

“සුරංගනාවක් හිමින් ඇවිල්ලා හදේ ලැගුම් අයදියි” මා ඇය වෙනුවෙන් භාවිතා කල වාක්‍යය එයියි.

සස්යා දුරකථන ඇමතුමට බොහෝ බාධා කලාය.එක දිගට දුරකථන ඇමතුම් ගත්තාය.සුරංගනාවියගේ ඇමතුම විසන්ධි කලා පමණි.

“විසල්”

“මගේ හිත කාන්දු වෙනවා වෙන තැනකට.හුගක් ඩිස්ටර්බ් කලා ඔයා”

“කොතනටද කාන්දු වෙන්නේ.ඔයාගේ අලුත් යාලුවා ළඟටද”

“අපෝ නැහැ.එයා පිරිමියෙක් වගේ ගෑණියෙක්.එත් මගේ ජීවිතේ මේ වෙනකොට ගෑණු හතරදෙනෙක් ඉන්නවා.”

“ඔයා ආදරේ කරපු හිතින්ම මට ද්වේෂ කරනවා.ඒකනේ ඩිසටර්බ් කරා කියලා මට බනින්නේ.ඒක පොඩි කාලයක් නෙවේ.පැයක්.හිත කාන්දු වෙන තැනකට චීන මහා ප්‍රාකාරය වෙන්න බැරි මට මොනවද කරන්න තියෙන්නේ .පිච්චෙනවා ඇරෙන්න”

“ඔයා හරිම සාම්ප්‍රදායිකයි සස්යා.ඔයා අනිත් හැම ගෑණියක් වගේම මගේ යාලුවට ඊර්ෂ්‍යා කරනවා.ඔයා හදන්නේ මාවත් ඒ ගෝත්‍රික සංස්කෘතියට කොටු කරන්න හදන එක.මට ලොකු තනිකමක් සීතලක් දැනෙනවා.ඒකයි උණුහුම හොයන්නේ”

“මෙච්චර කල් මගේ පපුවට තුරුලු වෙලා හිටිය ඔයාට සීතලක් ඉනුවේ ??..”

“බොළඳ කෙල්ලෙක් වෙන්න හදන්න එපා සස්යා.ඔයාගේ ආදරයට මාව බැඳලා තියන්න ශක්තියක් නැත්තම් මං මෙතනින් පිටමං වෙලා යනවා.මං ඔයාට ආදරේ කලා.ඒත් මට ඕනේ මගේ ජීවිතේ උස්සලා පොළවේ ගහන තරමේ ආදරයක්.ඒ ශක්තිය ඔයා තුළ නැහැ.පුලුවන් කමක් තියෙනවා නම් මට වෛර නොකර ඉන්න.ඊට පස්සේ මට සමාව දෙන්න.කරදරයක් වුණොත් මට කියන්න.මට ඔයාට යාලුවෙක් වෙන්නම්”



“මට යාලුවෝ ඉන්නවා විසල්.මට තවත් යාලුවෙක් නෙවෙයි ඕන.මට මගේ විසල්ව ගෙනත් දෙන්න. තව පාරක් උත්සහ කරලා බලන්න.”

“මට බැහැ.මං ඔයා පහුකරගෙන ඇවිත් ඉවරයි. ”

“යාලුවෙක් වෙන්නත් ඔයාට බැහැ.කමක් නැහැ.මේ ආදරයෙන් මං පලි ගන්නේ නැහැ.”

“පරිස්සමින් ඉන්න සස්යා”

සමනල කන්ද නාය යන්නේ නම් මේ ඊට හොදම වේලාවය.බැතිබර සමනල්ලු සහනයක් සොයාගෙන සමනල කන්ද වින්න යනවා.මං වෙනුවෙන් සමනල කන්ද උසට ප්‍රාර්ථනා ගොඩගහපු ඇගේ හිත නාය යනකොට අහවල් එහෙකට සමනල්ලු වන්දනාවේ යනවද.

සමනල කන්ද නාය ගිහින් වන්දනාවෙ යන්න එපා සමනලී !
යශෝධරා මට හම්බ වුණා - විසල් මන්දාකිණියක් වගේ එයා!


මගේ නිදහස මට ඇවැසි බව නුඹට දැනී තිබිණි.සති කිහිපයක් නිහව සිටීමේ ප්‍රතිඵලයක් ලෙස නුඹෙන් මිදී යන ලෙස මට දන්වා සිටියාය.මා මුලු රාත්‍රියක්ම හැුවෙමි.තවදුරටත් කිසිවෙකුටත් මෙසේ නොකරන බවට මා මටම සපථ වූවෙමි.ඇයව මෙලෙස හැරයාමට ඇවැසි වූයේ තව කලක් ගිය පසුය.නමුත් ඇයට මගේ වෙනස දැනී ඇත.මා යා යුතු විය.පසු දින උදයේ මා ඇගෙන් සම්පූර්ණයෙන්ම මිදී සිටියෙමි.

මා මගේ සුරංගනාවියට තව තවත් බැුනෙමි.ඇගේ විභවය මගේ ගුරුත්ව කේන්ද්‍රය චලනය කිරීමට තරම් සමත් විය.මා සස්යාට කටට එන දෙයක් කිව්වෙමි.ඒ අතර මගේ සුරංගනාවිය හා මා අතර යාලු කමක් මිස ඊට වඩා දෙයක් නොමැති බවයි.මා ඇය ඕස්ට්‍රේලියාවේ සිට ආ බවත් සිංගප්පූරුවේ සිට ආ බවත් ලෙස එකිනෙකට වෙනස් විවිධ දේ කියා තිබුණි.ලොකුම නොසැලකිලිමත්කම වූයේ ඇය පිරිමියෙක් වගේ ගැහැණියක් යයි කීමය.මා හට බොරු කීමට ඇවැසි නොවුණි.නමුදු මා ඇයගේ ප්‍රශ්න වලට නිවැරදි පිළිතුරු දිය යුතුවද නොතිබිණි.මා සිතනුයේ මේ සියල්ලක්ම සස්යා අනුමාන කරන්නට ඇත.ඈ සුරංගනාවිය මගේ දැන් පෙම්වතියදැයි අසන සැමවිට තරයේ එය එසේ නොවන බව ප්‍රකාශ කලෙමි.ඒත් එය එසේ නොවිණි.එහි ප්‍රතිඵලයක් ලෙස කාලයක් මා සුන්දරිය ලෙස ඇමතූ සස්යා බොහෝ වික්ෂිප්තවී සිටියායා.සිහි එලවා ගත නොහී අනවශ්‍ය දුරකතන ඇමතුම් හා පණිවිඩ නිතර එවන්නට පටන් ගත්තීය.

“විසල් මං ප්‍රාර්ථනා කරන්නේ ඔයාගේ මරණය.ඔයාගේ මරණයට වගකියන්න දෙවියන් නැත්තං මං ඉන්නවා.ඔයා මැරෙන්න ඕන කෙනෙක්.”

මම මෙයින් බොහෝ වික්ෂිප්ත වීමි.අද මගේ උපන් දිනයයි.උපන් දිනයකට ලැබිය හැකි නරකම සුභ පැතුම නොවේද.මට සිහි එලවූයේ උපන්දිනයට සුභ පැතීමට කාර්යාලයට මා සොයාගෙන ආ සුරංගනාවිය දැකීමෙන්ය.ඒ බවද ඈ දැන සිටියාය.
--------------

“මේ ලොකේ දෙවි කෙනෙක් ඉන්නව නම්.කවදාවත් විසල් කිසිම ගෑණියෙක් එක්ක සතුටින් තියන්න එපා”

“මට වෙලාවකට මහා කාලකණ්ණි හැගීමක් දැනෙනවා සස්යා.ඒත් මං හිතන්නේ නැහැ ඒ ඔයාගේ ශාප හින්දා කියලා”

“විසල් මට අනුකම්පා කරන්න.මට උදව් කරන්න.ඇයි මට බොරු කියන්නේ ඇත්ත කියන්න.”

“මං ඔයාට ඇත්ත කිව යුතු නැහැ”

මා හට ඇය වටහා ගැනීමට අවශ්‍ය නොවිණි.ඇය හට මා තුල ආදරයක් කෙසේ වෙතත් ගෞරවයක්වත් නොමැති බවත් මගේ සුරංගනාවිය හා සැසදීමේදී ඇය තුල කිසිම යහපත් ගුණාංගයක් නොමැති බවත් පවසමින් මා දුරකතනය විසන්ධි කලෙමි.

විරහව දරාගැනීමට තරම් ඈ පරිණත නොවී සිටිම මා බෙහෙවින් නොසන්සුන් බවට පත් කල කරුණක් විය.ඇගේ දුක මට දැනෙන්නේ නැත. මා සම්පූර්ණයෙන් ඇගෙන් මිදී සිටියෙමි.

ඇඟිල්ලෙන් අල්ලා හෝ මා නවතා ගැනීමේ හැකියාවක් ඈ වෙත නොතිබිණි.සුරංගනාවිය මා සම්පූර්ණයෙන්ම දික්විජය කොට තිබිණි.සස්යා හා මගේ සබැඳියාව තුල හොර රහසින් හෝ මා ඇයව පතා ඇත.සස්යා ඔල්මාදයෙන් මෙන් විසල්ගේ චමත්කාර ජනක ප්‍රේමය දෙස බලා සිටියාය.ඔහු විසින් පිරියම් කල කම්මුල් හරහා සීසීකඩ අතුල් පහරවලින් රැලි නැංවුවාය.රෝස කම්මුල් හා දෑත් නිල් පැහැ ගැන් වී තැලීම් ලප වලින් පිරී ගියේය.

ඈ අසරණව මේ විසල් වීදී මත ජීවත්වන්නට නැගී සිටියාය.තට්ටු ගොඩනැගිලි මැද ඇයව බොහෝ කුඩාවට ඇයට දැනෙන්නට ඇත.ඈ හට මා විනිවිද යා නොහැකි වූ තැන් බොහෝය.මා තුල වර්තනය වීමට හෝ ඇයට අවබෝධයක් තිබුනේ නම් ඇයගේ සිතිවිලි දමනය කරගන්නට ඇයට ඉඩ තිබිණි.සස්යා අතරමග නැවතුණු සියල්ල මැද නුඹ අතරමං කර දැම්මේ නුඹ කියවමින් සිටි පොත එහි රචකයා විසින්ම උදුරාගත් නිසාය.

මේ සියලු මතක ආවර්ජනයට තුඩු දුන්නේ මෑතකදි නුඹ අහම්බයක් මෙන් මගේ දෘෂ්ටි කදම්බය තුලින් ගොස් ප්‍රතිබිම්බයක් සැදීමට සමත් වූ නිසාය.මා සුරංගනාවිය හා දරුපැටවා සමග ළඳරු සායනයට යමින් සිටියෙමි.නුඹ මා හිඳගත් බංකුවේම හිඳ සිටියාය.මා තරමක් ප්‍රසිද්ධ නිසා නුඹ හා සිනාසීම සුරංගනාවිය එතරම් ගණන් නොගනු ඇත.නමුත් ඒ සිනහව මා නුඹ මඟහැර සිටි වසර ගණනක් සිහිපත් කරන්නට සමත්විය.මා කෙතරම් නුඹ මඟහැරියෙමිද?දුටු තැනකදීවත් මා නුඹට කතා නොකලෙමි.නුඹ සහභාගි වන වැඩසටහනකටත් නොපැමිණියෙමි.ඒ අතර දරු පැටවා මහා හයියෙන් හඬන්නට විණි.සුරංගනාවිය සිනාසී

“අහිංසකම හිත් රිදුණම තමයි නපුරුම..මේ බලන්න විසල්, පුතා වේදනාවට කොනිත්තනවා. ”

ඒ නොදන්නා කමට හේතුව මේ අධ්‍යාපන ක්‍රමය ද සමාජ ක්‍රමයද සංස්කෘතික බලපෑම් ද වෙන්න පුලුවන්.සස්යා, නුඹේ හිතුවක්කාර ප්‍රේමයෙන් නුඹ මිදෙන්නට ඇත.ඒ, “ශක්තිමත් ගැහැණියක්  අද මා නුඹගේ සිනහව තුලින් දුටු බැවිණි.නමුත් මා සැමවිටම නුඹ මඟහරිනු ඇත.සුරංගනාවිය හා මා දරුපැටවා රැගෙන සායනයට පිවිසුනෙමු.