Monday, June 20, 2011

තෙත වළාකුළු - 2 කොටස

1-කොටස




රෑ පින්නේ මීදුමෙන් පණ පෙවුණ සුරංගනාවියන් හුගාක් හිටියා.පිණි බිංදු එයාලගේ සිනිදු මුහුණු සුදුමැලි කලා.ඒවා හරියටම අහසේ තියෙන් වලාකුලුවලටත් අරුනැල්ලේ වැටෙන තුහින් වලටවත් සමාන කරන්න අමාරුයි.ඒත් ඒ සුසුම්වල ජීවයේ අඩුවක් නම් තිබුණෙ නැහැ.මීදුම් කුමාරයෝ චමත්කාර විදියට එලපු මීහිදුමේ සුරංගනාවියෝ පැටලි පැටලි දගකලා.දගකාරකම්වල තිබුණෙ හරිම මිහිරි සිහින් මද පවනක වේගයක්.හැමදේම සුදුපාටයි ටිකක් ලා රෝස පාටයි තව ටිකක් නිල් පාටයි.කලු පාට කියන්නේ යොදන්න වෙන පාටක් නැතිම තැනකදි පාවිච්චි කරපු පාටක්.දවසක් කලු හිසකෙස් තියෙන මිහිදුම් කුමාරයෙක් හදිසියේම එයාගේ මිහිදුම් සේලේ අකුල ගත්තා.ඒ වේගෙට සේලවල දැවටි දැවටි හිටි සුරංගනාවියක් සුරංගනා ලෝකේ සමබරතාව බිද‍ගෙන රෝල් වෙලා ඇවිත් හැඩ කදුමුදුන් පාට පාට මල් ඇති නිම්න වෙනුවට උස ගොඩනැගිලි තියෙන තාර පාරකට වැටුණා..මිහිදුමේ සිසිලසවත් මද පවනේ තෙතමනයවත් එයාට තවදුරටත් දැනුණෙ නැහැ.එයාගේ මුහුණෙ තැවරිලා තිබුණු පිණී බිංදු හිරු රශ්මියට අතුරුදහන් වෙලා..සුදුපාට ඇදුම් කහපාට වෙලා..ඒ රෝසපාට දුඹුරු පාට වෙලා..එතකොට එයාගේ අත්තටු......ඒවා මගදිම කැඩිලා වෙන්වෙලා ගිහින්..හැබැයි අත්තටු තිබුණ බවට සාක්ෂිනම් ඉතිරිවෙලා තිබුණා..

“ආහ් චූටි කෙල්ල..මොකෝ මේ කාන්සාවෙන් වගේ”
ලොකු අයියා කෙනෙක් සුරංගනාවිට වෙට්ටුවක් දාගෙන ගියා..


2- කොටස



ධාරා ඒ වචනවල සැරට උස ගොඩනැඟිල්ලක පඩිපෙලක් අයිනට තල්ලු වුණා.ඒත් එක්කම එයාගේ කකුල් දෙකේ දැවටුණු උණුහුමක් නිසා වැටෙන්නට ගිහින්  පඩිපෙලේ ඉන්ද වුණා.වුණේ මොකද්ද කියලා හිතාගන්න බැරිවධාරා වටපිට බලද්දි මොහොතකට නතරවුණු ධාරාගේ හිත ඇතිරිල්ලක් මත බිම ඉදගෙන හිටි දත් නැති කට සහිත මනුස්සයාගේ වචන වලින් ආපහු ගැහෙන්න ගත්තා.


“අලුත් අත්මේස් නෝනා..ගන්න  ..සීතලට කියාපු ඒවා...”

ඔහු පිළිවෙලට අසුරලා තිබුණ අත්මේස්  සහිත ඉටිරෙදි බෑග් එකකට අත් දික් කලේය.ඊට එහායින් ධාරාගේ දෑස් නැවතුණේ බෑග් එකට පිටිපස්සෙන් හිටි පුංචි දරුවගේ ඇස් අගින් දිලිසෙන දඟකාරකම ළඟ.ධාරා ඉදිරියට යන ගමන් ඔවුන්ගෙන් සමුගත්තාය.

ධාරා රූස්ස සයිප්‍රස් ගස් මැදින් වැටුණ තාර පාරක් දිගේ ඇවිදන් යද්දි හීතල හුළඟ ධාරාව අරන් යන්න වගේ එයා වටේ එතුණා.හිස ඔසවා බැලුව ධාරා දැක්කේ වේගයෙන් එහාට මෙහාට යන වළාකුළු පිරුණු අලුපාට අහසක් යට ඇඹරෙන සයිප්‍රස් අතු.ධාරාගේ නෙත් අගට පුංචි උණුහුමක් එකතු වුණා.ඒ උණුහුම බිංදුවෙන් බිංදුව එයාගේ දෙකොපුලේ ඉදන් හදවත දක්වාම උණුහුම් කරන්න පටන් අරන් තිබුණා.

“වර්ණ....” ඒ උණුහුමේ තිබුනේ වර්ණගේ පහස.කෙළවරක් නොදන්න ධාරාගේ දෙපා සයිප්‍රස් ගස් මැදින් දුවගෙන ගිහින් පැටලිලා වැටුණා.

 “මගේ සියලු හැඟීම් වටිනාකම් රැස් කලේ එයා ළගට.ඒත් එයා හැම එකක්ම අරන් ගියාම කොතනක හරි ලොකු වැරැද්දක් මට දැනුණා.හැම ඉරිදම උදෙන්ම ගොඩගහපු අධ්‍යාත්මික විශ්වාසයට වැඩි යමක් තියෙන බව මං තේරුම් ගත්තා.හැමදේම හොඳට සිද්ධවෙන -හැමදේම මගේ ළඟට ගෙනත් දෙන හිරගෙදරින් පැනලා යන්න මට ඕන වුණා.වර්ණ මං ඔයාව ලුහුබඳිනවා.ඒ නිසාම මං ඔයාව අත්හැරියා.ඒත් මං හුස්ම ගන්නේ ඔයාගේ ප්‍රේමය.”
එකින් එක වැටෙන සීතල වැහි බිංදු ධාරාගේ හිත තවත් සීතල වුණා.

2 comments:

  1. කතාවේ දිගුවක් තියෙනවද? කියවන්න බලාගෙන ඉන්නවා..,

    ReplyDelete
  2. ඇත්තටමද....තියෙනවා තියෙනවා..මං ඉක්මණට දාන්නම්.. හුගක් ස්තූතියි!!

    ReplyDelete