Friday, May 14, 2010

රැයක් සඳින් ගැබ්බරව ....



















සරා සඳ කිරණ         සඵඋනා
වන තුරු ඉරා            අලුඋනා‍‍
නල සිප මීදුම්           හැංගුනා
මග අසා පිණි           දැවටුනා

දියේ තරු තඹර        ඉහිරලා
ඔහේ පාවී වලා          දඟකලා
සිත් ලැහැබෙ සිහිල   තවරලා
තනි රැක්ක ඉවුර        තනිකලා

සඳ වතුල රාත්‍රියේ      තත්සලා
වසත් මල් මල්වරව   අතුරලා
නිකසලා මිහිරියාවේ   පුසුඹලා
කිති කැවී වස්දඬුද       මත්වෙලා

රැය පහන් ඕවිල්ල     ගැබ්බරයි
ධාර අතු අගිස්ස        පෙම්බරයි
මේ අලුයම් හීන අබි   නික්මනයි
සෙනේ අරුණඵ අරන් හිරුපිපෙයි

3 comments:

  1. mama oyagen dakka hodama kaviya meeka thamai nangi...... harima aadaraneeyai...

    ReplyDelete
  2. lassana kawiyak... godak thanx mehema kawiyak share kalata...
    lassana wedak... jaya!!

    ReplyDelete
  3. he he
    thanks...
    mata parana hitapu man wenna one una
    ekai me....

    meka lassanai kiyanne man parana hitapu manma tamai....

    ReplyDelete