Sunday, August 26, 2012
Thursday, August 23, 2012
අහෝ! මා දුර්වල වන එකම තැන..
දේශපාලනය-සාහිත්‍යයය-තාක්ෂණය
ඒ ඔබේ වචන නිතරම කතා කරන
දිගුදෙතොල් හරහා ඇදෙන
සුළං දහර ඝනය.. උණුසුම්ය..
අහෝ! මා දුර්වල වන එකම තැන
ඔබට ඇති මගේ ආදරය..
පෙරදිත් පුරුදු කතාමැයි
නමුත් ඒ හඬම
අබියස දෙදණ නමා
ආරෝපණය
කෙරෙන දෙසවන්මැයි
නුඹේ
සම්ප්‍රාප්තිය වටා දැවටෙන්නට
අර අදින මගේ කාලය..
අහා!!මා උණුසුම් වන එකම තැන
ඔබට
ඇති මගේ ආදරය..
˝බැඳෙන්නට එපා මවෙත
ඔබ ඵල දරන මල් දරණ
පරිපූර්ණ ස්වාධීන ගසක්˝
උණුසුම් කඩවසම් මුත්
ඔබ ඵල දරන මල් දරණ
පරිපූර්ණ ස්වාධීන ගසක්˝
උණුසුම් කඩවසම් මුත්
හදවත ඉරිතලා ඇදී යන දෘඩවදන්
දෑස් අර්ථයම පසක් කොට හැඟුම් පුරමින්
අහෝ! මා දුර්වල වන එකම තැන
අහෝ! මා දුර්වල වන එකම තැන
ඔබට ඇති මගේ ආදරය..
Subscribe to:
Posts (Atom)