Saturday, January 14, 2012

හඳ ප්‍රේමයෙන් අහසේ ගිලිලා තිබුණා...


වළාකුලු දිගඇරෙන රාත්‍රියක තෙත බරිත වෙන්න -හංගන කතාවක් කියන්න දිලිසෙන ඇස් පොරකන හැටි -නලියන ඇස් පිහාටු ගොත ගැහෙන හැටි  ....................

මොහොතින් මොහොත ඇකිලී දිගහැරෙන මගේ හිත හුස්ම ගන්නේ ඒ ඡායාව මතකය..ඇත්තමයි ඒ මතකය හිතෙන් අහකට ඇදලා අරන් මුදාහරිනවා අවකාශයට ඔයාටයි මටයි අනාගතයක් නැත්තං.... අනාගතය ඔයාට විහිලුවක්...අනාගතය මට හීනයක්...
ගෑණු ළමයිට රෝසපාට වෙන්කරලා පිරිමි ළමයිට නිලා පාට වෙනු‍වුණේ ගැහැණියකගේ හිත හැමවෙලේම උණුහුම් නිසාත් පිරිමියෙකුගේ හිත හුගක් වෙලාවට ඝනකම නිසාවත්ද....

ඔන්න ඉතිං ඔයා හිනාවෙනවා...හහ්..මං අඬන් නැහැ...ඒත් නොදන්න මල් පිපුණු -හිරිඟඩු පිපෙන හුළඟක සී සී කඩ පිනි ඇහිරෙන- අහඹු උදෑසනක මගේ හිත වාෂ්පවෙලා හිරු එළියට විසිරිලා ඇදෙනවා....ඔයා දන්නෙවත් නැහැ මං අතරමං‍ වෙන තරමක්..


කලුවර හොයාගෙන ඇරෙන ජනෙල් කවුලුවෙන් අහස පුරා මඟ ඇරුණු දැනීමක් හොයද්දි කඩා වැටුණු තරුවක බර හෑල්ලු කරගෙන ඔයාගේ ඇමතුමක් ලැබෙනවා මගේ හිනයට.....සැහැල්ලුවෙන් වගේ පෙනෙන ගිනිගෙන කඩාවැටෙන ධූමකේතුවෙන් මැවෙන අහසේ ලස්සන ඒ අහසවත් දන්නේ නැතුව ඇති...කලු අහසක කොයිතරම් උල්කාපාත වැස්සත් හඳක් වෙන්න පුලුවන් එකම එක ග්‍රහලෝකයකට විතරයි.මුහුදු කොණින් බැහැලා යන්න පුලුවන් එකම එක ඉරකට විතරයි.

මතකද දවසක් අපි අහසේ ඉදන් හඳට තියෙන දුරයි මුහුදේ ඉදන් හඳට තියෙන දුරයි මැන්නා....ඒත් ඒ වෙනකොටත් හඳ ප්‍රේමයෙන් අහසේ ගිලිලා තිබුණා...

වහිනවනම් අලුම අලුපාටට මීදුමත් එක්ක..


ඇත්තමයි  මේ කොළඹ අහසට නම් පිස්සු......

පැයකට විතර කලින් හොදටම වැස්සා..මිනිස්සු කුඩ බදාගෙන ඉහලගෙන යන තරමට හුලග තිබුණා..ඒත් ඒ වගක්වත් නැතිව දැන් අහස නිල් පාට වීගෙන එනවා..නිල්පාට මැදදේ අලුපාට වලාකුලු..ඒ මදිවට ඉරත් බැහැගෙන යනවා..රාස්ස අව්වට අලුපාට වලාකුලු තැඹිලි පාටට විනිවිද යනවා.ඇත්තටම මේ කොළඹ අහසට පිස්සු.. .

මගේ සුදු අහස...පායනවනම් පායන්න නිල්ම නිල් පාටට..වහිනවනම් අලුම අලුපාටට මීදුමත් එක්ක...ඒත් හැබැයි එහෙම වුණොත් මට ඔයාව ඉක්මණට එපා වෙයි..ඒ නිසා නිල් පාටට වහින එකත් අලුපාටට පායන එකත් හොදයි....එහෙනම් පායයි..එහෙනම් වහියි..කියන බලාපොරොත්තු මේ මෙහොතේ නැත්තං ඊළග මොහොතේ ඉටුවෙයි කියලා හි‍තාගෙන ඒ අහසටම ප්‍රේම කරන්න පුලුවන් සදහටම.....

එත් මේ මොහොතේ ඔයා‍ගැන මම හිතන් නැහැ අහස...මම ලියන්නේ නැහැ..ඔය අහසේ පාවෙන වළාකුලු වලින් මට වැඩක් නැහැ...ගිම්හානයට පිපෙන නෙලුම් මල් වලින් මට වැඩක් නැහැ...ආයෙත් නම් මම ලියන්නෙ නැහැ...

පාවෙන වළාකුලක
වැටෙන වැහිබිංදුවක
අහුමුලුවලින් රිංගන අරුණැල්ලක
ප්‍රේමය දවටන්න සීරුවට............
ආයෙමත් දමලා ගහලා යන්න