Tuesday, June 22, 2010

ලිහිණියනේ...

නිමේෂයක් නිමේෂයක මගහැර..

උදේ හවා පාරෙදි මුණ ගැසෙන සාමාන්‍ය උණ වැළඳී මිය ගිය‍ බෝඩිමක සොයුරියක් වෙනුවෙන්.....


නු‍‍‍ඹේ ඇඳුමට වඩා සුදු
වළාකුළු ඉරා
වැටෙන වැහිබිංඳු
ඇදගෙන යයි මහ පොළව
බෝ‍ඩිමේ පඩියට යටින්....

නු‍ඹේ කුස මඟහැර
වැළඳු රසබොජුන්
පැළඳු පිනි බිංදු
නැරඹූ පිය දසුන්
ඉකිගසයි
දෑස් පියාපත් අඩකුණු කරවමින්...

නුඹේ හිනහව වගේම සුදු
කොඩිය සැලි සැලී
නගන ගිගුම්
කණින් කණ හකුලයි