Thursday, January 24, 2013

යශෝධරා...


සිද්ධාර්ථ යන්න ගියා
යශෝධරා
ආයෙත් එන්න ගියත් 
ඒ සිද්ධාර්ථ නෙවේ!
නිල් දෑස් අගින් කදුලු වැටුණෙ
නුඹෙ විතරක් නෙවේ!
බුදු නොවෙන සිද්ධාර්ථලා
යන්න යනවා 
හැමදාම...

හිරිවැටිලා කොයිතරම් කාලයක්
උන්නද යශෝධරා?
හිරිවැටිලා කොයිතරම් කාලයක්
අපි ඉන්නද යශෝධරා?

විසල් මාළිගාව පුරා
මතක අරන්
කොයිතරම් ඔහේ ඇවිද්දද
යශෝධරා...
පියා විදා පියාඹන්න
තටු තිබුනට
ඔහේ ඇරෙන්න
සිද්ධාර්ථ කරා පියාඹන්න

අපට බෑ නේද යශෝධරා....




Saturday, January 12, 2013

දේදුනු යට වැහිබිංදු අමතකයි..... සිපගන්න 1

තරු එකින් එක කඩාගෙන වැටෙද්දි ආසාවෙන් බලාගෙන හිටියා..ඒ තරු වේදනාවෙන් පිච්චිලා ගෙනෙන වර්ණ පෙනුණෙ අපූර්ව දෙයක් වගේ.....

ආදරය... 

නොලැබෙන තැන්වලම ආදරය හෙව්වේ ඇයිද මන්දා....

නංගී....මෙන්න අසුන් කතා කරනවා.
එයාට නිවාඩුවක් පාඩුවක් ලැබුණම කෝල් කරනවා..සමහර දවස්වලට වැඩ නිසා අමතක කියලත් කියනවා..සමහර දවස්වලට කතා කරන්න උවමනාවක් ආවේ නැහැ කියලත් කියනවා...මට ආදරෙයි කියලත් කියනවා... එක වෙලාවකදි එක්කෙනෙකුට විතරක් නෙවෙයි ආදරේ කරන්න පුලුවන් කියලත් කියනවා..හුගක් දේවල් කියනවා...


මේ පත්තු වෙන්නේ පපුවේ ගින්දර.....අකුරු මත දුවන්නේ පපුවේ ගින්දර....
 අපේ අක්කා නම් කියන්නේ..ආදරේ විකාරයක් කියලා... ආදරේට වෛර කරන් සෙක්ස් කරන් ඉන්න කොට ශරීරය ජීවත් කරවන්න පහසුලු ....ඒ කියන්නේ ආදරේ කියන හැගීම්බර මායාව අහක දැම්මම.....



ජීවත් වෙන්න අපහසු ආදරය නිසාමද.....

ආදරය නොලැබෙන නිසාද...




Wednesday, January 2, 2013

නෙවෙයි!!!

අපි ඇත්තටම ආදරේ කරනවා නම් මොන කරදරේ ආවත් අපි දුවන්නේ ඒ ආදරය හොයාගෙන.... ඒ ආදරේ කරන කෙනා ළගට... ඒ ආදරේ ඇතුලේ ගුලිවෙන්න... සියක් දහස් වේදනාවන් මුදාහරින්න....ඒ වගේම ඒ ආදරේ කරන කෙනා ළග ගෙනෙන කරදරය දරාගන්න තරම් විභවයක් තියෙන්න වෙනවා... මේ කාලේ ඒ විභවය හුගක් සාධක මත තීරණය වෙනවා.. එයාගේ දක්ෂතාවයන්. දැනුම..එයා සතු ධනය.. සමාජ පසුබිම වගේ දේවල්... මේවා නැති අය මේ කාලේ පැරදුණු මිනිස්සු වෙලා...මේවා නැති අයට ආදරේ කර කර ඉන්නවට වඩා අඩ අඩ ඉන්න සිද්ධ වෙලා තියෙනවා.... අතරින් පතර වාසනාවන්තයෝ ඉන්නත් පුලුවන්....වෙනස් විදියට හිතන මිනිස්සු.

ඒ වුණාට භයානකම දේ තමයි.. අපිට ආදරේ හමුවුණා කියලා හිතලා අපි අපේම මායාවක දැවටෙන එක... මායාවෙන් ටික ටික අවදි වෙන කොට අපි අඩන්න පටන් අරන්... වැඩ අතපසු කරන්න පටන් අරන්....පටන් ගැනුමෙදි අපේම ආදරයක් හදාගෙන අපි ඒකට පොහොර දානවා... ඒත් දෙන ආදරේට ආපස්සට නොලැබෙන කොට අපේ ආදරේ අපිවම ප්‍රශ්න කරන්න ගන්නවා.....


ඇත්තම ආදරේ මුණගැහුණම මීදුමක් වගේ පැතිරෙන්න හිතෙනවා..... හුළගක් වගේ දගලන්න හිතෙනවා.... සමහර වෙලාවට මේ වගෙත් නෙවෙයි ඒක මොනවගේද කියලා කියන්නත් අමාරුයි..දැනිලා තියෙන අය දන්නවා ඇති..


ඔයාව නපුරු මොහොතක් ඇවිත් මගෙන් ඈත් කරන කම් ඔයා ගැනත් මට එහෙම දැනිලා තිබුණා... මම ඒක එහෙම විදිමින් හිටියා...... 



අපි හිතනවා නැතිවුණු හැමදෙයක්ම සදහටම අපේ වෙලා තියෙන්න ඉඩ තිබුණා කියලා.




Loving someoneis like caring for a garden, love it too much 


or too little and it dies